ඇදිරි නීතිය ඉවත් කරන්න යෝජිත වෙලාවන් මෙන්න..

April 17, 2020 at 2:10 pm | lanka C news
ඇදිරි නීතිය ඉවත් කරන්න යෝජිත වෙලාවන් මෙන්න..

එලැඹෙන සඳුදා (20) සිට දිවා කාලයේදී රට පුරා ඇඳිරි නීතිය ඉවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇත.

මේ අනුව දිනපතා පෙ.ව. 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය යළි පැනවෙන්නේ රාත්‍රී 8.00ටයි.

කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගෙන දැනට වසා දමා ඇති ප්‍රදේශ තවදුරටත් එලෙසින්ම පවතිනු ඇතැයි වාර්තා වේ.

දිවා කාලයේ ඇඳිරි නීතිය ඉවත් කළ ද සේවයට කැඳවීමට නියමිතව ඇත්තේ රජයේ සේවකයන්ගෙන් 20% ක ප්‍රමාණයක් බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙරවරු 6.00 ට ඇඳිරි නීතිය ඉවත් කළ ද පෞද්ගලික අංශයට රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නිර්දේශ වී ඇත්තේ පෙරවරු 10.00ටයි.

රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල කටයුතු ආරම්භ වුවත් සියලුම සේවකයන්ට රාත්‍රි 8.00 වන විට නිවෙස්වලට යෑමට හැකිවන පරිදි සේවා මුර සකස් කර ගත යුතුවනු ඇත.

– aruna

306 views

42 Comments to “ඇදිරි නීතිය ඉවත් කරන්න යෝජිත වෙලාවන් මෙන්න..”

  1. Chanaka says:

    ජනාධිපති තුමනි..
    බස්නාහිර පලාතේ දවසපඩි කරන අය වෙන්වෙනුත් සහනයක් දෙන්න..
    සහනාධාර නැතත් කමක් නෑ වැඩකට යන්න පුලුවන් නම්…
    සහනාධාරය ත් තාම නැත..

  2. Sisil Wimalasekera says:

    I propose Schools Are conducted Morning for Below Grade 09 and better for others evening session,
    Teachers also divided two group for keep distance

  3. සනත් ඉතාලිය says:

    ඉතාලිය ලොක්ඩවුන් කරල අදට දින 41ක් තවමත් ආසාදිතයින් 3000-4000ත් හමුවෙනව නමුත් මෙහෙත් ලබන සතියෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ජනජීවිතය යතා තත්වයට පත්කරන්න උත්සහ කරනව වගේම ආර්තිකය ශක්තිමත් කරන්න කර්මාන්තත් අරබන්න ලැහැස්ති වෙනව ඊටත් වඩා විශේෂ දේ දැන් මිනිස්සු තමන්ගෙ කටයුතු සදහා එලියට එනව ටික ටික මැරෙන එක කොහොමත් පොදු දෙයක් කියන හැගීමෙන් හැබැයි සමාජ දුරස් බාවය තියාගෙන තර්කය ඒඩ්ස් ආපු මුල් කාලෙ ඒකට බය උනා නමුත් බෙහෙතක් නැහැ කිව්වම මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් එක සකරුවෙක් / සහකාරියක් වගේම ආරක්ශක ක්‍රම වලට ගියා දැන් කවුරුත් ඒඩ්ස් ගනන් ගන්නෙ නැහැ ඒ වගේ මිනිස්සු මේ වයිරසයටත් හුරුවෙනව බෙහෙතක් හොයාගන්නතුරු ආරක්ශක ක්‍රම භාවිතාකරමින් මෙයට බෙහෙතක් හොයාගන්නතුරු කිසිම රටකට මෙය බින්දුවට බස්සන්න බැහැ එතෙක් ලොක්ඩවුන් වෙන්නත් බැහැ අපි අපිම ස්වයං නීරෝදායන වීම ආරක්ෂක ක්‍රම බාවිතා කිරිම හා නිසිඋපදෙස් අනුගමනය කිරීමයි කොටසකට ලොක්ඩවුන් හොද වගේම රටකට රටක් වශයෙන් මාසගනන් වසාගෙන සිටීමත් ඒක රටකට අහිතකරයි

  4. අළුත් පරපුරේ හෙළු බට්ටා says:

    ” ඇයි අම්මේ මාව බස්නාහිර පලාතෙ ඉපදුනේ… ” හැක… හැක

  5. gorilla says:

    බස්නාහිර පලාතේ අවදානම් සහිත ප්‍රදේශ වෙන්කරල සීල් කලත් කමක් නැ. අනෙක් ප්‍රදේශ අරින්න බලන්න. මොකද ජනතව හරිම අමාරුවෙන් ඉන්නේ ගොඩක් තැන්වලට බඩුත් නැ. බඩු ආවත් සල්ලිත් නැ. සමහර රෝගින්ගේ බෙහෙත් ටිකවත් ලැබන්නේ නැ.සීතල කාමරවල ඉදන් ඇදිරි නීතිය දික්කරන්න කලින් හොදට හිතල බලන්න. විදේශ රටවල ඉදල ආපු හැමොටම ටෙස්ට්කරන්න බැරි මොකද?

    • nimalsiri says:

      hallo gorilla.oba hari.seethala kaamarawala inadagena law daana basil,thatta kamal,pus thadiya shawendra saha thawath oluwa udummavaagthhtu ewunge polu den freeze welalu.kaaranaya unta me ansaka 20th ivasa-
      ganna beriwelaa gehenavaalu.pollai etadekainam yakada wage galwelaalu.

  6. sena says:

    හබ්බයින්ට කොරොනා වසංගතය 200% නැතැයි කියා තහහුරු වනතුරු රට මෙහෙමම තිබ්බොත් වටිනවා නැත්නම් මුංගෙ එරියා පමණක් Lock Down කරන්න

  7. Nandasoma Sueiyaarachchi says:

    රෑට ඇඳිරි නීතිය පැනවීමේ අරමුණ කුමක්ද….?

    වෛරසය රෑට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදියෙක්ද…….??

    ආසාදිත අය රෝහල් වලටත්, ඒ අය සෘජුව සහ වක්‍රව ඇසුරු කළ අය සමග සැක කටයුතු සියලුම දෙනා හඳුනා ගෙන නිරෝධායන කඳවුරු වලටත් සීමා කොට ඇඳිරි නීතිය ඉවත් කළ හැකිය……..!

  8. රේල්ලුවේ ස්ටේෂන් මාස්ටර් says:

    අත්‍යාවශ්‍ය සේවාවල සේවකයන්ට විතරක් සීමා කරලා කෝච්චි දුවන්න නම් බෑ. මොකද මම හොදටම දන්නවා මුහුදු බඩ මාර්ගයේ පානදුර – කොටුව අතර දුවන කෝච්චි ස්ටේෂන් එකක නතර කරපුවාම අර වැල්ලේ ගෙවල්වල ඉන්න හැතිකරය ප්ලැට්ෆෝම් එකට අනික්පැත්තෙන් කෝච්චි වලට නගිනවා. ඒවා පාලනය කරන්න බැහැ. ඔහොම යන එන එවුන් අතරෙ කුඩ්ඩො ගොඩක් ඉන්නවා.ඒ එකෙකුට කොරෝනා හැදිල තිබුණොත් කෝච්චියේ යන සේරටම දෙයියන්ගෙ පිහිටයි. ඒ නිසා දුම්රිය තවම මගී ප්‍රවාහනයට යොදවාගන්න එක සුදුසු නෑ. බඩු ප්‍රවාහනය (එලවලු,සහල්,පිටි) සඳහා දිවයින පුරාම දුම්රිය මාර්ග පද්ධතිය යොදාගන්න පුලුවන්

  9. Gonsun says:

    Opening of the country, here is my suggestion
    Schools and Govt Offices to be opened on Monday, Wednesday, and Friday only, Schools to start at 8am to 2 pm so they can cover extra hours
    Govt offices 8 am to 6 pm so services can be extended.
    Private Businesses to open on Tuesday, Thursday, Saturday 8 to 6 PM so they also cover up losing time.