ඇදිරි නීතිය ඉවත් කරන දිනය විමල් කියයි..

March 27, 2020 at 8:40 am | lanka C news
ඇදිරි නීතිය ඉවත් කරන දිනය විමල් කියයි..

සුනාමි ව්‍යසනයෙන් පසු නැගී සිටියා මෙන්ම තිස් අවුරුදු යුද්ධය ජයග්‍රහණය කළා සේ ‘කොරෝනා අභියෝගයෙන්’ ජාතියක් ලෙස අපට ජයගත හැකි බවත් ඒ සදහා පෙර අවස්ථාවලදී මෙන්ම සියලූ දෙනා එකමුතුව කැපවීම් කළ යුතුව ඇති බවත් ජානිපෙ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තදබදය අවම කරමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදාහැරීමේ රාජ්‍ය යාන්ත්‍රණය, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ රාජ්‍ය නිලධාරී රැස්වීමේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සදහන් කළේය.

“කොරෝනා වසංගතයට ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු දියුණු යැයි සම්මත යුරෝපා රටවලටත් සාර්ථකව මුහුණ දීමට නොහැකි වී තිබෙනවා. එම රටවල් සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවයක් නොමැතිවීම, පෞද්ගලික අංශය සතු සෞඛ්‍ය සේවාවන් ලාභය පිළිබදව සළකා කටයුතු කිරීම ආදී හේතු එසේ වීමට බලපා තිබෙනවා. එනමුත් ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාව සතුව ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවාවක් පැවතීම අපට මෙම වසංගතයට සාර්ථකව මුහුණ දීමට හැකිවීමට එක් හේතුවක් වී තිබෙනවා.

ඉහත රටවල භාණ්ඩ සැපයුම් ජාලයත් සම්පූර්ණයෙන්ම පාහේ පෞද්ගලික අංශය සතුයි. අපේ රටෙත් පෞද්ගලික අංශය සතුව සැපයුම් ජාලා පැවතියත් රාජ්‍ය අංශයටත් සතොස, විවිධ සේවා සමූපකාර සමිති ආදී සැපයුම් ජාල පවතිනවා. එයත් මෙම අවස්ථාවේදී අපට වාසිදායක වී තිබෙනවා. එසේම රටට විපතක් සිදුවන ඕනෑම මොහොතක යොදවා ගත හැකි රාජ්‍ය හමුදාවක් ද අපේ රට සතුයි. අද නිරෝධායන කටයුතු ශක්තිමත්ව සිදු කිරීමට අපට හැකි වී ඇත්තේ ඒ නිසයි. ඔස්ටේ්‍රලියාව වැනි රටවල් නිරෝධායන කටයුතු තරු පංතියේ හෝටල්වල සිදු කළත් ඒවාට අදාළ පුද්ගලයා ගෙවීම් කළ යුතුයි. එවැනි තත්වයක් යටතේ කිසිසේත්ම ශක්තිමත් නිරෝධායන වැඩපිළිවෙලක් ද සැකසෙන්නේ නැහැ.

කොරෝනා ව්‍යාප්තිය අවම කිරීම

ඒ අනුව අපේ රට තුළ තිබෙන ශක්තිමත් රාජ්‍ය සෞඛ්‍ය සේවය, රාජ්‍ය සැපයුම් ජාලය හා රජයේ හමුදා යන රාජ්‍ය යාන්ත්‍රණයට අද වන විට ඉහත යුරෝපා රටවලට සාපේක්ෂව කොරෝනා ව්‍යාප්තිය අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. 25 දිනයේ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවන තත්වයක් රට තුළ නිර්මාණය කර ගැනීමට අපේ රාජ්‍ය යාන්ත්‍රණය සමත් වී තිබෙනවා. නමුත් ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවල දැඩි තදබදයක් ඇති වන ආකාරයක් අපට දැකගත හැකි වුණා. එය දැඩිව දැකගත හැකි වුණේ බස්නාහිර පළාත තුළයි. මේ තත්වයට යම් පිළියමක් ලෙස බස්නාහිර පළාත අද වන විට අවදානම් කලාපයක් ලෙස නම් කරලා තිබෙනවා. ඉදිරි කාලය තුළ මා විශ්වාස කරන ආකාරයට අප්‍රේල් 04 වැනිදා පමණ වනතෙක්වත් එම කලාපයේ අඛණ්ඩව ඇදිරි නීතිය පවත්වාගෙන යාමට සිදු වේවි. එහෙම වුවහොත් පමණයි මේ දැන් පවතින අවම කොරෝනා ව්‍යාප්තිය රට තුළ පවත්වාගත හැක්කේ .

“අත්‍යවශ්‍ය ආහාර නිවසටම…”

ඒ නිසා ඇදිරි නීති තත්වය යටතේ සිටින්නට වන බස්නාහිර පළාතේ සහ වෙනත් අවදානම් මතු වන කලාපවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙලක් සැකසීම සදහා මේ වන විට විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව ඔබ දන්නවා. මේ කටයුත්ත සදහා ද ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ඇති බව මීට ඉහත දී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්තුමිය පෙන්වා දුන්නා. ඒ යාන්ත්‍රණයට අයත් ග්‍රාම නිලධාරීවරු, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හා ආර්ථික සංවර්ධන නිලධාරීන් වන ඔබ සැම ඉහත මගමානවක මෙහෙවර සාර්ථකව ඉටු කරනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සදහා ඔබ සැමට ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා.

ලෝක පරිමාණ අභියෝගයකටයි අපි මුහුණ දී ඉන්නේ. දියණු යැයි සැලකූ රටවල් පවා අද අසරණ වෙලා. එහෙත් අපේ රටවැසියන් එකමුතුව මේ තත්වයට මුහුණ දුන්නොත් මේ අභියෝගය ජයගත හැකියි. සුනාමියෙන් පසු නැගිට්ටා වගේ මේ අභියෝගයත් ජය ගැනීමට පුළුවන්. ඒ සදහා ජනාධිපතිතුමන් අතුළු අපේ රජයට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලනවා”

මෙම රැස්වීම කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී මහත්මිය කැදවා තිබූ අතර කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු කඩුවෙල මහජන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය

63,677 Viewers

19 Comments to “ඇදිරි නීතිය ඉවත් කරන දිනය විමල් කියයි..”

  1. Sri lankan says:

    What do you know about the strength of USA you dumb boob?

    • thari baiya says:

      Gota will fix the problem in two weeks with the support of Wimale and gembanpilila. they are the greatest brains in this country and asset to the country and the whole world. Wait and see, soon will give consultations to underdeveloped countries like UK, US, Italy and Australia. Gota sir is the best.

  2. Sahan says:

    කඩුවෙල බයිලා විතරයි. තාම කිසිම සංවිධානාත්මක වැඩ පිලිවෙලක් නැහැ.

  3. Suren says:

    If the responsibility of Food distribution was also given to the tri-forces it will be success otherwise it will be not and many political agendas will pop up

  4. Asa says:

    Ape rate waasanawaakata Gotabaya sir president une.
    Naththan honda sellan tikak balaa ganna tribuna.
    Ranil, Sajith, Mahinda oya okkomala me vage prashna valadi inne eka boattuwaka. They all are politicians….

  5. ruwanii says:

    ආණ්ඩුව දොස්තර මහත්වරු කියන එක අහන් නැද්ද? මේ ගොඩක් ආයතනයි බැංකුයි ඇරගෙන මොකක්ද මේ කරන්නෙ? රැවුලයි කැදයි දෙකක් කරන්න බැරිවෙයි.බලන්න ඉංදියාව අරන් තියෙන දැඩිපිලිවෙත ඒ මිනිස්සුන්ගෙම ආරක්ශාවටනෙ. රටපුරා ආයතනයි බැංකු ටිකයි ඇරගෙන මිනිස්සු එක් රැස්කරනෙන කරන්න හොද නෑ.අත්යාවශ්ය දේකට එක දිනෙක කරනව මිසක්.මේක බජය් දාන ආතල් ගන්න වෙලාවක් නෙවෙ.
    ප්‍රධාන ටාගට් එක Stay at HOME
    අමතක කරන්න එපා

  6. මෙම යාන්ත්‍රනයට ගම් මට්ටමින් ගමේ පුරවැසියන්ද ග්‍රාම සේවක නිළධාරී අධීක්ෂණය යටතේ බදවා ගත හැක.
    බ්‍රිතාන්‍ය රජය කළ ඉල්ලීමකට අනුව එරටේ ජනතාව ලක්ෂ 7 කට වැඩි ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් රජයේ කටයුතු වලට සහාය වීමට ඉදිරිපත් වී තිබේ.

    අපේ රටේත් එබදු ස්වේච්ඡා කන්ඩායම් ගම් මට්ටමින් සෑදුවොත්, භාන්ඩ සහ බෙහෙත් බෙදා හැරීම, ස්වයං නිරෝධායනයේ යෙදෙන්නන් අධීක්ෂණය කිරීම, සෞඛ්‍ය සේවයට සහාය වීම, ජනතාව දැනුවත් කිරීම ආදී කටයුතු සදහා මෙම කන්ඩායම් පුහුණු කොට සේවය ලබා ගත හැක..

    මේ ජාතික ආපදා අවස්ථාවේ රටට සේවය කිරීමට බොහෝ දෙනකු ඉදිරිපත් වනු ඇත..

  7. Atta says:

    Boru rasween pawathwanne natiwa gedarata wela inna mahaththayo, Oya danna deyakuth na, karapu deyakuth nane. Army, police officers and doctors la dannwa karanna one de.

  8. podda says:

    අනේ පොර ටෝක් දෙන්නේ නැතුව හිටියනම් තමයි හොද . අපේ රටේ ඉහල උෂ්ණත්වයයි , අර්ද්‍රතාවයි නිසා මේ වෛරසයට පරිසරයේ පවතින්න තියන හැකියාවේ අඩුකම අපේ රටේ රෝගීන් අඩුවෙන්න හේතුවක්. එකයි අනිල් ජාසිංග කියන්නේ public spreading නෑ කියලා. එහෙම නැතුව මේ හරිවිදියේ මාසක් එකක්, බෙහෙත් පෙත්තක්වත් හදාගන්න බැරි රටේ මහ ලොකු දියුණුවක් නිසා නෙවෙයි.. අනික ඔය අනික් රටවල් දවසට පරීක්ෂණ දස දහස් ගානක් කරන නිසයි ඔය තරම් රෝගීන් හොයා ගන්නේ . අපේ දවසට කරන්න පුලුවන් 40-60ක් වගේ නිසා තමයි හැමදාම “සැක” ලිස්ට් එකක් ඉන්නේ. GMOA එකෙනුත් කියලා තියනවා රෝගීන් 2000ක් විතර උනොත් සෞඛ්‍ය පද්දතියට දරාගන්න බැරුව ඔක්කම කඩාවැටෙන්න පුලුවන් කියලා.. ඒක නිසා මේ වෙලාවේ 8ට වඩා ගොඩක් ඉගෙන ගත්ත සෞඛ්‍ය නිලදාරින්ට ඔය වැඩේ කරන්න දීල mic වලින් මීටර් ගානක් ඈතින් ඉන්න.

    ඔහොම බැලුවොත්, සෝමාලියාව, ඉතියෝපියාව, කොන්ගෝ, හයිටි, නැම්බියාව, උගන්ඩාව, සුඩානය කියන්නේ එංගලන්තය , ඇමරිකාවට වඩා ගව් ගානක් ඉහල සෞඛ්‍ය අංශයක් තියන රටවල්. 😀
    ඔය රටවල හැම එකේම වගේ ආසාදිතයන් ඉන්නේ 10ටත් අඩුවෙන්.

  9. නාමල් ජයතිලක says:

    මු මොනාද මේ කරන්නේ. ගෙදරට වෙලා ඉන්නේ නැතුව. කොරෝනා අස්සෙත් කල්පනා කරන්නේ චන්ද ගොඩ වැඩි කර ගන්න එක ගැන. මිනිස්සු බයේ දගලනවා ඉස්සරහට තව රස්සා නැතිවෙයි, සල්ලි නැතිව පාරට බහින්න වෙයි කියල.
    ජනාධිපති හරි , අගමැති හරි , සවුක්ය ඇමති හරි මේවට මාධ්‍ය හමු තියන්න ඕන.

    • RAW Agent says:

      ඇයි මේ වෙලාවෙ සැපයුම් ඇමති ගෙදර හිටියම වැඩේ හරිද?
      එතකොට සපයන්නෙ උඹලගෙ තාත්තා වෙන්නැති
      කුහකයි වුනාට ප්‍රදර්ශනය කරන්න එපා

      • බයියෙක් says:

        සැපයුම් ඇමති දොස්තර වෙන්න ඕන නෑ .. මාධ්‍ය සාකච්චා නැතුව සපයා ගෙන හිටියනම් ඇති මෙතන අනවශ්‍ය ලෙස ජනතාවක් ඒකරාශී කරන්නේ නැතුව.

  10. Lankaputha says:

    Corona virus of sri lanka seen after along time..

  11. Saradiel says:

    ජනතාවට එදිනෙදා උවමනා කරන බඩු බෙදා හැරීම තැපැල් අංශයෙන් ඉටුකිරීම ඉතා වැදගත් එම පළාත් වල සියලුම නිවාස ගැන අවබෝදයක් තිබෙන බැවින්

  12. gorilla says:

    එයා පෝර්ට් වහපන්, කොරෝනා කාරයෝ ඉන්න ප්‍රදේශ/නගර පමණක් වහපන්. තවත් අපිට වද නොදී ඇදිරිනීතිය ඉවත්කරපන්, නැත්නම් චන්දෙනම් හම්බවෙන්නේ නැ.

    • RAW Agent says:

      ගෝරිල්ලෙකුට මීට වඩා මොලයක් තියෙන්න බැහැනේ.
      උඹත් එක්ක තරහා වෙලා වැඩක් නෑ
      පල ඉතාලියට
      අර fb අංගනාවට ගැලපෙනවා

      • gorilla says:

        ඇ බොල ලොදපරියෝ කෝරෝනාකාරයන්ට රටට ඇතුලුවෙන්නදීලා එයාපොර්ට් ඇරල උන්ට ගෙවල්වලට යන්නදීල,කොරෝනා බෝ කරෝලා, එදාවෙල හම්බකරන්කන අහින්සකයන්ට දඩුවම්දීල හරියනවද බොල. තෝ ඔය කතා ගිහින් කියපිය තුම්පනේ. කොරෝනා රෝගීන් වර්තාවන රටවලින් තවත් රටවලට එන්න දෙන්නේ නැ එක්කෝ එන හැමොම නිරෝදායනය කරනවා. එව නොකර මොනවද තෝ මේ කියවන්නේ?

  13. sana says:

    Please keep away politicians. Lets go as we do now. Seems ok.

Main News