ඇදිරි නීතිය ඉවත් කිරීම ගැන ජනපතිගෙන් දැනුම් දීමක්..

November 5, 2020 at 5:26 pm | lanka C news
ඇදිරි නීතිය ඉවත් කිරීම ගැන ජනපතිගෙන් දැනුම් දීමක්..

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක ස්වයං නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

කොවිඩ් ආසාදිතයන් ආශ්‍රිත බවට හඳුනාගත් සියලු පවුල් සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ. ඔවුන්ගේ සංඛ්‍යාව දිවයින පුරා නිවාස 31,457ක 84,000කට ආසන්න වෙයි. බස්නාහිර පළාතේ නිවාස 13,911ක 40,676 දෙනෙක් නිරෝධායනය වෙති.

නිරෝධායනය වෙමින් සිටින පිරිස ඇඳිරි නීතිය ඉවත් කළ පසුවද විධිමත්ව අධීක්ෂණය කළ යුතු බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (05) රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිතුමා විසින් මේ උපදෙස් දෙනු ලැබිණ.

ආසාදිතයන් සමාජයෙන් හමු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ආශ්‍රිතයන් සහ ඔවුන් අයත් ප්‍රදේශ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතු අතර, අවශ්‍ය වුවහොත් හුදකලා ප්‍රදේශ ලෙස පවත්වාගෙන යන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. වතු සහ මහල් නිවාස කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාමට පමණක් සීමා කිරීමට තීරණය කෙරිණ. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සහ PCR පරීක්ෂණ අඛණ්ඩව කරමින් මනා සුපරීක්ෂණයක් සහිතව වෙළෙඳ කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. එළවළු, පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග රැගෙන දිස්ත්‍රික්ක අතර ගමන් කරන ලොරි රථ සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවේ.

කටුනායක ආයෝජන කලාපයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගෙන තිබේ. පෞද්ගලික රෝහල්වල දායකත්වය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ වෙළෙඳ කලාපය ආශ්‍රිත PCR පරීක්ෂණ අහඹු ලෙස සහ අඛණ්ඩව කරගෙන යාමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහූ සහ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

69,265 views

25 Comments to “ඇදිරි නීතිය ඉවත් කිරීම ගැන ජනපතිගෙන් දැනුම් දීමක්..”

  1. nimal says:

    president now going wrong way

    • Hudson says:

      Panic wenna epa. Vulnarable kattiya nowai.

    • Sugathapala says:

      Who are you to say this? Sweden didn’t go in to lock down but it’s curve has now flattened. If the purpose of lock downs is to prevent the virus from spreading, the continuous rise in the number of cases in every country that had lock downs prove lock downs are actually nonsensical. Other than China Swedish economy is least affected economy by Corona in Europe because it is the only country that didn’t go in to lock down.

      Having continuous lock downs to prevent the virus from spreading knowing very well it cannot be stopped anyway (a fact proven globally) is actually a stupid thing to do because this will cause more people to die form other causes like economic hard ship, poverty, depression etc etc while Corona kills only 20% who get it and are terminally ill already from other diseases, anyway.

      It is absurd locking down the country to prevent the spreading of a virus having a 80 survival rate.

      The reality is, people die anyway Corona or no Corona.

  2. Kanday says:

    නරක අදහස. ඇඳිරි නීතිය නැත යන්නෙන් අදහස් කරන්නේ වෛරසය මෙහි පිස්සු මෙන් පැතිරෙනු ඇති බවයි. ශ්‍රී ලංකා රෝහල්වලට රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නොහැකි වනු ඇත. හෙදියන් දැනටමත් වෙහෙසට පත්ව සිටිති. මෙය මෙහි විශාල ව්‍යසනයක් වනු ඇත,
    තවත් මාස 1.5 ක් ඉවසිලිවන්ත වන්න.
    ධනවතුන් සඳහා බදු වැඩි කිරීම සහ වසරකට 200,000 ට වඩා අඩුවෙන් උපයන සෑම පුරවැසියෙකුටම අවම වශයෙන් 100,000 ක් වත් ඉදිරි මාස 6 තුළදී ලබා දීමට එම මුදල් භාවිතා කරන්න.
    සිදු විය.
    ලබන ජුනි මාසය වන විට වෛරස් ලෝකයෙන් පහව යනු ඇත, විශේෂයෙන් ට්‍රම්ප් අතුරුදහන් වීමත් සමඟ (බලාපොරොත්තු සහිතව).

    • ඩපයා says:

      බූරුවෙක් වගේ තප්පුලන්නේ නැතුව හිටහන්. පිනට කන්න බලන් ඉන්න පිංගුත්තර මූසලයා. ලොක්ඩවුන් කොරපු චීනේ වත් වයීරසේ පැතිරීම 100% නැවතිලා නැති බව තෝ දන්නේ නැද්ද? කොටින්ම කියනවනං ලෝක්ඩවුන් කොරපු කිසිම රටක වයීරසයේ පැතිරීම නැවතිලා නැහැ. ලිඳේ ඉන්න ගෙම්බා වගේ බක බක ගානවා ගොන් පිංගුත්තරයා.

  3. ඉන්දිකා හේවාගම says:

    මේක මම හිතන්නේ ජනාධිපති තුමා හැම දෙයක්ම සලකා බලා ගත් තීරණයක් හැටියට. කලින් වගේ එක එක්කෙනා කියන හැම දේම අහලා තීරණ ගන්න අමාරුයි. කලින් තීරණ වලදී අත්දැකීම් අඩු නිසා රජයක් හැටියට අසමත් කියන එකත් මේ තිරණයෙන් ඔප්පු වෙනවා.
    මම හිතන්නේ අපි කලින්ම අමුඩේ ගහලා වැඩේ වරද්දා ගත්තා. කොරෝනා වල දැඩි සමාජ ව්‍යාප්තියක් නොමැති අවස්ථාවක මුළු රටට ම ඇඳිරි නීතිය දාලා මාස ගණනක් වහන් ඉඳලා නිකරුනේ ආර්ථිකය කඩන් වැටුණා. එවැනි තත්වයක කොට්ඨාශ වශයෙන් ලොක් කරලා වැඩේ ගොඩ දාගෙන ආර්ථිකයත් බේරා ගන්න තිබ්බා. නමුත් ඔක්කොටොම වඩා බය උනේ කොරෝනා බෝ උනොත් ඡන්දෙ කරගන්න බැරිවෙයි කියලා.
    නමුත් දැන් තත්වය වෙනස්. එන්න එන්න ණය බර එක පිට එක. ණය ගෙවන්න වත් ණය ගන්න බැහැ. ආයේ රටම ලොක් කරොත් ලංකාව ණය ගෙවා ගන්න බැරි කොටසට වැටෙනවා. මිනිස්සුන්ට කන්න නැතුව මිය යයි කොරෝනා හැදන්නත් කලින්. එක නිසා ලෝක බැංකු උපදෙස් මත ගෙදර නෙමේ පාරේ මලත් දවසට දහයක් නෙමේ දාහක් මලත් රට අරින්නම වෙලා. කවුරු අකමැති කැමති උනත් ඇත්ත ඒකයි. දැන් ඉතින් ඔක්කොම බලයත් දීලා විස්සත් දීලා තියන එකේ බලමුකෝ කට්ටිය කොහොමද මේක කරන්නේ කියලා. ජනතා ව හැටියට ඉසයරහට කොරෝනා එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න එක ඇරෙන්න වෙන විසදුමක් නැහැ.
    මේක කලින්ම කරානම් මේ තරම්ම ආර්ථික හනියක නොවෙන්න තිබ්බා. කොහොමත් අනිත් රටවල් වගේ මේ ලෙඩේ හැදිලා මැරෙන කෙනා මැරෙනවා. අනිත් රටවල වගේ නෙමේ ලංකාවේ මරණ ඉතා අඩු මට්ටමක තියනවා කියපු දේශපාලන සුරංගනා කතා ඕකොම කාරිය කෙරෙන තුරු කාගේත් රැවටිල්ල වගේ තමා. ජනාධිපති තුමා පමණක් අන්තිමට රට බේරාගන්න ඉතුරු වෙයි වගේ.

    • ගුණසිරි says:

      ලෝක බැංකුවයී නයයයී විතරද හිතන්න තියෙන්නේ? එදිනෙදා කුලී වැඩක් කොරලා කීයක් හරි හම්බු කොරගෙන දරුවන්ට කන්න දෙන උන්ට තොගේ පෞද්ගලික බුදලේ හරි තොගේ ගෑනිව හරි විකුණලා මාසෙකට ගානක් දෙනවද? කොරෝනාවට කලින් අපේ රටේ මිනිස්සු මරුනේ නැද්ද? තොපි වගේ කාලකන්ණි මූසල ගොන් හැත්ත තමයී ගිය අවුරුද්දේ හම්බයන්ගේ බෝම්බ වලට අහුවෙලා මැරිලා යන්න තිබ්බේ.

  4. මර්තේනිස් අයියා says:

    මුන්නැහේ ස්වයං නිරෝධායනය හරියටම කරන්න කියලා උපදෙස් දෙනකොට මටනම් දෙකොනිං හිනා අපේ ගෙවල් ලඟ ස්වයං නිරෝධායනය වෙන පවුලක් ඉන්නවා සවයං නිරෝධායනය දොරේ අලවපු දැන්වීමට විතරයි රට පුරාම ඇවිදිනවා ඒ ගෙදර ළඟ කඩයක් තියෙනව ඒ කඩේ ඉන්නවා.පහුගිය දවස්වල පෙදරේරැවෝ දෙන්නෙක් ගෙනත් ගෙදර වැඩත් කලා. MOH කාර්යාලයට කතාකරල මේ ගැන කිවුවම එතනින් කිව්වෙ මිනිස්සු කියන දේ අහන්නෙ නෑ ඔයගොල්ලෝ පරිස්සම් වෙලා ඉන්න කියල.ඔන්න ඕකයි තත්වෙ ඉතින් රට ඇරියම කොහොම තියේවිද?

    • විජේපාල says:

      රට විවුර්ත නොකර තොගේ ගෑනිට රෙද්ද ගලෝගෙන ඔය ළඟ තියෙනවා කිව්ව කඩේට වෙලා ඉන්න කියපන් ඔය කඩේට එනවා කිව්වා උන්ට සේවය සපයලා හම්බු කොරලා ගමේ රස්සා කොරගන්න බැරුව ඉන්න උන්ගේ පවුල වල බඩගින්නේ ඉන්න දරුවන්ට කෑම අරන් දෙන්න.

Main News