ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…

September 10, 2021 at 8:40 am | lanka C news
ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන ඇදිරිනිතිය නොතකා නාවලපිටිය නගරයට පැමිණි පිරිසක් සහ නාවලපිටිය නගරයේ විවෘත කර ඇති අත්‍යාවශ්‍ය සේවා වෙලදසැල්වල හිමිකරුවන් සහ සේවකයින් 150 දෙනෙකු අහඹු ලෙස (09) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.

නාවලපිටිය පස්බාගේ කෝරලයේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ,නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය මත නාවලපිටිය නගර මධ්‍යයයේදි මෙසේ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණය සිදු කරනු ලැබුහ.

අහඹු ලෙස  පි.සි.ආර් පරික්ෂණ භාජනය කරනු ලැබු පුද්ගලයින්ගේ  දත්ථ වාර්ථාවක් මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන් විසින් ලබා ගත් අතර එම පරික්ෂණයේදි අසාදිතයන් හමුවුවහොත්  එම අසාධිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරණ බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

17,699 views

8 Comments to “ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ PCR කරයි…”

  1. බන්දු says:

    මාර වැඩේනේ වුනේ . . .

  2. ගෞම් ඊයාරාජ් says:

    රටේ නිරොධායන ඇදිරි නිතීයක් තියෙනවා කියලා අදයි දන්නේ.. 😂😂😂

  3. රංජිත් විජේසිංහ says:

    මේ මිනිස්සු මේ වෙලාවෙ කට්ටිට එකතු කරන්නේ තවත් කොවිඩ් වැඩි කරන්න. ඒකෙන් තවත් අසරණ වෙන්නේ ඔවුන්මයි. මොකෝ රජය විසින් ඇදිරිනීතිය දාලා කොවිඩ් පාලනය කරන්න හැදුවම ඒකට අපි ඉඩදෙන්න ඕනි. කවුරුත් දන්නේ නැ මේ වෙලාවේ ඒකෙන් කට්ටි පැන්නම ආයේ තව තවත් ඇදිරි නීතිය දීර්ඝ කරන්න වෙනවා කියලා. අපිට කැප කිරීම් කරන්න වෙනවා ඒක කල යුතුමයි.

  4. රුක්ෂාන් සිල්වා says:

    ඒ කරන දේ හොඳයි ග මුන්ට තේරෙන්නේ නෑ. දැන් මේ රටේ රෝගීන් අඩු වෙමින් යනවා.ඒ වෙලාවෙ තව ටිකක් ඉවසන් හිටිය නම් හරි. තොපි විකාර නටන්නේ ආයෙත් ඇදිරි නීතිය වැඩි කරන්නද?

    • රුක්ෂාන් සිල්වා says:

      අමුඩෙත් නැතුව මම දැන් රාජපක්ෂ හාමුලට කඩේ යන්නෙ.

  5. Sagarika Alvis says:

    ane meylata ohoma krla madi. hirett dala kiyla dunna nam wipaka terei eyalata. kiyana de ahanne nathi aya.

  6. Sunil Perera says:

    adiri nithiya dala thiyena me welawe pissu natana me wage kalakanninta ula thiyanna oni. mun athyawashsha sewa wage hasirenne thawat me covid palanaya karanna bari wennada. gedarata wela hitapiyau. marenna hadanne nathuwa.

  7. Chathura Gunarathna says:

    rate saukya ansha kochchra loku sewayak kranawada me wairas eka raten thuran kranna. ekata sahayogaya denne nathuwa mun sanniya natanawa.pissu kelinn epa oi.