ඇදිරි නීතිය තවත් තද කල යුතුයි.. නැතොත් ලංකාවට බරපතල වෙනවා..- පාදෙණිය හෙලි කරයි..

March 31, 2020 at 9:20 am | lanka C news
ඇදිරි නීතිය තවත් තද කල යුතුයි.. නැතොත් ලංකාවට බරපතල වෙනවා..- පාදෙණිය හෙලි කරයි..

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් පනවා ඇති සංචරන සීමාවන් සමස්තයක් ලෙස 50% ක සීමාව නොඉක්මවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරන්නේ එය 70%-80%-90% සීමාවකට ගෙන නොආවහොත් ශ‍්‍රී ලංකාවේ තත්ත්වය භයානක තත්ත්වයට යා හැකි බවයි.

කෙසේ නමුත් මේ වනවිට ශ්‍රී ලංකාවේ තත්ත්වය සෙසු රටවලට සාපේක්ෂව යහපත් මට්ටමක ඇතත් එය උදම් ඇනීමට කාරණාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

ඒ හේතුවෙන් දැනට රජය විසින් පවත්වාගෙන යන ලිහිල් ඇඳිරි නීති ප්‍රතිපත්තිය තවදුරටත් වැඩිකරමින් සංචාරණ සීමාව අඩු කළ යුතු බවද ඔහු පැවසීය.

කෙසේ නමුත් මෙම රෝගය සඳහා මෙතෙක් ස්ථිර ප්‍රතිකාරයක් සොයාගෙන නැති නිසා ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් මේ ආකාරයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

කොරෝනා මඩින්න ඇඳිරි නීතියෙන් සැලසෙන සෙත

කොරෝනා මඩින්න ඇඳිරි නීතියෙන් සැලසෙන සෙත සම්පූර්ණ වැඩසටහන මෙතනින් නරඹන්න >>>>>>>>https://www.youtube.com/watch?v=g_xuvdbzUKg

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 30. März 2020

527 views

35 Comments to “ඇදිරි නීතිය තවත් තද කල යුතුයි.. නැතොත් ලංකාවට බරපතල වෙනවා..- පාදෙණිය හෙලි කරයි..”

  1. Ravana Parapura says:

    බටහිර බෙහෙත් නැත්නම් මෙය දුරුකිරීමට වහාම හෙළ බෙහෙතක් සොයා ගන්න කාලය ඇවිත්.

  2. රටවැසියා says:

    මේකේ ආණ්ඩුව, දොස්තරලා, පොලිසිය කරන ඒවාට බැන බැන නහින්න හද උන්ට කියන්නේ…..
    මොනව හරි විවේචනය කරනකොට තමන් ගාව එකට විසදුමක් තියාගෙන විවේචනඕන.

  3. mal says:

    වෛද්‍යවරයා කියන දෙය නොතේරෛන ජාතියක් කාල මැරෙන්න හදනවා පොඩිඩක් ඉවසන්නෙ නැහැ බඩුගන්න පොරකාල මැරියල්ල ඒතකොට හරි

  4. VAT says:

    Initial conditions differ country to country. Only Wuhan has natural condition s . Curfew . shutdown , lock down are government-centered remedies for mitigate the spreading .

    Since the vaccine is not yet invented it is advisable to educate the individual-centered remedies like

    1. have good social distance practice
    2. washing hands and wearing masks

  5. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් ම බලාපොරොත්තු වන එක විහිළුවක්, දොස්තර හෙද සියළු දෙනා නවීණ උපකරණ එක්ක උත්සාහය උපරිම දෙන්න.

  6. siri Jayawicrama says:

    lift curfew and lockdown entire country. Use triforces and police to control social movement in addition to good awareness program

Main News