ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලති..

April 20, 2020 at 3:50 pm | lanka C news
ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලති..

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග උතුරේ යාපනය දිස්ත්‍රීක්කය ඇතුලු දිස්ත්‍රීක්ක පහේම ජනතාව අද (20) උදෑසන සිට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නගරයට පැමිණන ආකාරයක් දැක ගත හැකි විය.

කොරෝණා වයිරස් ආසාදිතයින් යාපනය දිස්ත්‍රීක්කයෙන් හමු වීම නිසා මාසයකට ආසන්න කාලයක් පනවා තිබූ ඇඳරිනීතිය අද ඉවත් කිරීමත් සමග සිය නිවෙස් වෙතට වී යාපනයේ ජනතාව විශාල වශයෙන් නගරයට පැමිණන ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ නමුත් යාපනය දිස්ත්‍රීක්කයේ නොකඩවා පනවා තිබූ ඇඳරිනීථිය තවත් සතියකින් හෝ ක්‍රියාත්මක කරන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ යාපනය වෛද්‍යවරුන් පිරිසක් විසින් අද උදෑසන නිවේදනයක් නිකුත් කොට ඇත.

එහිදී එම නිලධාරීන් විසින් පෙන්වා දෙන්නේ ස්විස් දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන්ගේන් 16 දෙනෙකුට මේ වන විටත් කොරෝණා වයිරසය ආසාදනය වී ඇති අතර එම දේව මෙහෙයට සහභාගී වූ 350 කට ආසන්න පිරිසක් නිවේස් වල සහ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනය වන අතරම විදෙස් රටවල සිට යාපනය පැමිණි දහසකට අධික පිරිසක්ද නිරෝධායනය වන බැවින් මේ මස (අප්‍රේල්) 27 වනදා දක්වා ඇඳිරිතිය නොකඩවා පැනවීමට රජය විසින් පියවර ගත යුතු බවටයි.

කෙසේ වෙතත් අද උදෑසන සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු අනෙකුත් දෑ ලබා ගැනීමට පැමිණි උතුරේ වැසියන් බොහෝ පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් පැමිණියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

354 views

8 Comments to “ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලති..”

  1. තොත්ත බබා says:

    බුරුවො රජ වෙන්න කිරි කලයට ගොම දා ගත්තා

  2. නැට්ටේ ඉඳන් ගොම says:

    Gmoa එකේ වෛද්‍ය වරුන් ට නම් මොකද කාර් එකේ පාස් එකයි doctor ID එකයි පෙන්නලා ඕන වෙලාවක ඕන තැනක ගිහින් ඕන සුපර්මාකට් එකකින් ඕන හැටියේ බඩු ගන්න පුළුවන්. ඒකට අපි හොරා පොලිස් කරලා වතු උඩින් පැනලා බොරු 1000 විතර කියලා තමයි පාන් රත්තලක් හොයා ගන්න යන්නේ. ඒකත් පාන් ගෙඩියක් භාගයක බර නැහැ. තූ නොදකින් මේ වගේ කාලකන්නි රටක්. එක්කෝ සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය දේවල් පාලන මිලට ගන්න ක්‍රමයක් හදන්න ඕන නයුනම් මේ මගුල් ඇඳිරි නීතිය ඉවත් කරන්න ඕන.

    • bonikka says:

      GMOA UBALAGE MOLE AULAKDA MULU LOKEMA NIAHAS KARANAWA LANKAWE MINSSUNA HIRA KARANAWA THOPE THARAHAK THIYENAWADA MUNISSU EKKA EAL WALAMA EKKO BADAKINNE MEREVI NETHINAM PISSU HEDEVI ASARANA MINISSU GENA ME KAURUATH DANNE NEDDA THI
      O NODAKIN KORONA HEDILA MALANAM MEETA WADA HODAI

    • Sadda says:

      මේ කතාවට මමත් 100%ක් එකගයි. ගමේ කඩේ එලවලු හාල් කෑම බඩු , බේකරියෙ පාන්, ගමේම සුලබ කරන්න ආන්ඩුවට සාර්ථවකව බැරි උනා. ඇදිරි නීතිය අයින් කරනකොටම මිනිස්සු පිස්සො වගේ කන බොන දෙයක් ගන්න ටවුමෙ පොරකනවා.දොස්තර මහත්තුරුන්ට පඩිය, ඕටී, කඩ ඇරල බඩු දෙනවා. මටත් නම් කිසි අඩුවක් නැහැ.
      ඒත් මට නම් හරි දුකයි නැති බැරි මිනිහා ගැන.

      රටේ නිශ්පාදන නැවතිලා රට පරිහානියට පත්වීම ගැනත්

    • පණ නැති කොකා says:

      පොට්ටු වේ එවුන් දැන්ම පුරෝකථන කරලා, ජනාධිපතිවරණයේදි මෙච්චර හඹුණනම් , පාර්ලිමේන්තු මැතිවරණය දී මෙච්චර ලැබෙයි කියලා, ප්‍රස්තාර ගහලා, සංසන්දනය කරලා ,
      විශ්ලේෂණ කරලා උඩින්ම දිනයි කියලා ෆුල් ආතල් එකේ ඉන්නේ. හහ් හහ් හා.. එක ඉතින් දැන ගන්න වෙන්නේ ජූනි 23 උදේ තමයි. මිනිස්සුනට කන්න බොන්න නැතුව රස්සාවල් කරගන්න නැතුව හිඟන්නෝ කරලා පාරට බස්සපු එකාට හොඳටම සලකන්න තමයි මග බලන් ඉන්නේ. එදාට තමයි අඬන්න වෙන්නේ.

  3. john the baptice says:

    කුඩා දරුවන් බෞතිස්ම කිරීම තහනම් කල යුතුය

    • Sadda says:

      සමහර කොම්මෙන්ට්ස් දැක්කහම අපිට පිස්සුද කියලත් හිතෙනවා.

    • nimalsiri says:

      kudaa daruwan gena umbata kanagaatuinam umba gilina uru kattakwath oya lamainta deepanko para sakkili
      catholika paraya john the baptice.