කොරෝනා තවත් 56කට සුවයි.. සුවවීමේ ප‍්‍රතිශතය 66% පනී.. ඇදිරි නීතිය තවත් ලිහිල් කෙරේ..

June 13, 2020 at 1:20 pm | lanka C news
කොරෝනා තවත් 56කට සුවයි.. සුවවීමේ ප‍්‍රතිශතය 66% පනී.. ඇදිරි නීතිය තවත් ලිහිල් කෙරේ..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් තවත් 56 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් තිබේ.

එම කාලයේදී අලුතෙන් රෝහල්ගත කරන ලද සංඛ්‍යාව 03 දෙනෙකි.

ඒ අනුව මෙරට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 617 දක්වා පහල යයි.

මෙරටින් වාර්තාවන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1880කි. ඉන් 1252ක් පූර්ණ සුවය ලබා නිවෙස්වලට ගොස් ඇත.

ඒ අනුව මෙරට සුව වීමේ ප‍්‍රතිශතය 66% ඉක්වමා යයි.

මේ අතර හෙට දිනයේ සිට රට පුරා ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කිරීම තවදුරටත් ලිහිල් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව හෙට දිනයේ සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා ය.

මෙම වේලාවන් අනුව ඇදිරි නීතිය ක්‍රියාත්මක වීම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කරන ලෙසද රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

471 views
Main News