ඇදිරි නීතිය දමා දින 10ට වඩා නගර වසන්න එපා..- WHO රජයට දන්වයි.. ඒ අනුව සදුදා බස්නාහිර අරී..
November 7, 2020 at 6:48 pm | lanka C news
කොරෝනා ව්‍යාප්තිය පාලනයට ඇඳිරි නීතිය පැනවීම මගින් දින දහයකට වඩා නගර වසා නොදමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රජයට දන්වා ඇතැයි සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.
එම දැනුම් දීම අනුව දැනට බස්නාහිර පළාතේ පනවා ඇති ඇඳිරි නීතිය තවත් දීර්ඝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා මර්ධන කාර්ය සාධක බළකායට දැනුම් දී ඇතැයි ද එහි සඳහන්ය.
ආර්ථිකය සක්‍රීයව පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා සදුදා දිනෙන් පසු බස්නාහිර පළාත විවෘත කරන බවත් බවත් ඉන්පසු අවශ්‍ය වූවොත් ඇඳුනු නීතිය පනවන්නේ පොලිස් බල ප්‍රදේශ මට්ටමින් පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.
එමෙන්ම රජයේ සහ පෞද්ගලික අංශවල කාර්යාලවල සේවය සඳහා අවම සේවක පිරිසක් කැදවන ලෙසත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන ලෙසත් තවදුරටත් උපදෙස් දී ඇතැයි ද සඳහන්ය.
අනික මුන් WHO කියන නිර්දේශය පිළිපදින උන්.. ඕනම රටක WHO නිර්දේශය තමයි මිනිස්සු 1000කට ICU බෙඩ් 5 ක්. අඩුමගානෙ ඒකවත් තියෙන රටක්ද?
ඔව්වොව් දින 10ට වඩා තියලා ගිය සැරේ වගේ මර්දනේ කොර ගත්තොත් අප් උන් මැරෙන එක නතර වෙයි.එතකොට එම් — —
අරව මේවාට විරුද්ධව ඛෑ ගාන්න මුන් ඉතුරු වෙයි. මුන්ගෙන් මළ කරදරේ. ලෝකෙ උන් කියන විදිහට විතරයි දැන් අපි ඉන්න ඕනෙ. එහෙම උන් හොද උන්. ඒකනෙ ගිය සැරේ හොදටම කොරෝනා පාලනය කරපු වෙලාවේ මීක් කියපු නැති ලෝක බැංකුව මේ වෙලාවෙ හොදටම කෙළවෙලා තියෙන කොට දැන් අපේ කොරොනා පාලනයට වර්ණනා කරලා තිබුණෙ. තව ජයවේවා!
ඔන්න දැන් මිනිස්සු මැරුනොත් who තමා වගකියන්න ඕන
However most of the heads(empty) of government organisations force to come for duty to the all employees especially in executive grades.
This will badly affect the corona control program.
Mulin who kiyapu hatihata karanan minissu godak maragena india vage venna thibuna.basnahira mechchara loku anathurak thiyeddi anith minissuntath bo karala rata kevahama Apata hithei aparade chande dunne kiyala.
බය වෙන්න ඕනැ නැහැ. තවම ලංකාවේ කොරෝනා සමාජ ගතවෙලා නැහැනේ? පුහ්……..