ඇදිරි නීතිය මැද අධික වේගයෙන් ගිය ට්‍රැක්ටරය පෙරලී තරුණයා මිය යයි..

April 14, 2020 at 5:30 pm | lanka C news
ඇදිරි නීතිය මැද අධික වේගයෙන් ගිය ට්‍රැක්ටරය පෙරලී තරුණයා මිය යයි..

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී සී සාන ට්‍රැක්ටරයක් පෙරලී යාමෙන් තරුණයෙකු මිය ගොස් ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

අදාල තරුණයා කුඹුර වෙතට ට්‍රැක්ටරය ධාවනය කොට ඇති අතර එහිදී මුල්ලියාවලේයි ප්‍රදේශයෙදී ට්‍රැක්ටරය පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ට්‍රැක්ටරය අධික වේගයකින් ධාවනය කරවීම හේතුවෙන් එහි වේගය පාලනය කරගැනීමට නොහැකිවීම නිසා පෙරලී ගොස් ඇති බවට පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මුල්ලියාවලෙයි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නන්දකුමාර් කිරුබාකරන් නැමති තරුණයෙකු වන අතර තරුණයා අනතුරින් පසුව මුලතිව් රෝහලට රැගෙන යන විටද මිය ගොස් සිටි බවට අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,511 Viewers

5 Comments to “ඇදිරි නීතිය මැද අධික වේගයෙන් ගිය ට්‍රැක්ටරය පෙරලී තරුණයා මිය යයි..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    Hope it is Alapaluwa….😊😊😊😊

  2. ASUCHI MARASINGHE says:

    Ape GU-NP & GU-VP anduwak tibbanam, mehema aparada wenne na!
    Nidahasa madi, ekai speed karal tiyenne.

  3. Saradiel says:

    .නිවන් සැප ලැබේවා

    • Alapaluwa says:

      Saradiel උඹට ‘සූර්-ද-ඩයල් ‘ ඌ ටැමිල්.. උන්ට කොහෙද xxxxx සැප…!

Main News