ඇදිරි නීතිය මැද ත්‍රිරෝද රථයක් සොරකම් කරයි.. කොටස් ගලවා වෙනත් ත්‍රිරෝද රථ දෙකකට සවි කරයි..

May 3, 2020 at 2:26 am | lanka C news
ඇදිරි නීතිය මැද ත්‍රිරෝද රථයක් සොරකම් කරයි.. කොටස් ගලවා වෙනත් ත්‍රිරෝද රථ දෙකකට සවි කරයි..

හැටන් නගරයේ මහජන පොල භුමියේ ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් සොරාගෙන ගොස් කොටස් ගලවා වෙනත් ත්‍රිරෝද රථ දෙකකට සවි කර තිබියදි හැටන් පොලිසිය විසින් එම ත්‍රිරෝද රථය සොරාගත් සැකකරු සහ සොරාකම් කරන ලද ත්‍රිරෝද රථයේ අමතර කොටස් සහ කොටස් සවි කරන ලද ත්‍රිරෝද රථ දෙකක් (02) දින පොලිස් භාරයට ගෙන ඇත.

නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් රු පන්ලක්ෂ තිස්පන්දහසක් පමණ වටිනා ත්‍රිරෝද රථය ඉකුත් මස 30 දින ත්‍රිරෝද රථයේ අයිතිකරු විසින් ත්‍රිරෝද රථය හැටන් නගරයට රැගෙන විත් ඔහු සේවය කරන වෙලදසැලට යාබදව පිහිටි මහජන වෙලද භුමිය අසල ගාල් කර ඇත.

එදින රාත්‍රි 8 ඇදිරි නිතිය පැනවිම නිසා වෙලදසැලේ වැඩකටයුතු අවසන් කර යලිත් තම නිවසට යාම සදහා ත්‍රිරෝද රථය ගාල් කර තිබු ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි ත්‍රිරෝද රථය අතුරුදහන්වි ඇති බවට ඔහු විසින් හැටන් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

එම පැමිණිල්ල අනුව හැටන් මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපහන මහතාගේ අධික්ෂණය යටතේ  හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් අතුරුදහන්වු ත්‍රිරෝද රථය සම්බන්ධයෙන් වු තොරතුරක් මත සිදු කරන ලද විමර්ෂණයකදි වටවල පොලිස් වසමට අයත් වැලිඔය වත්තේ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ගරාජයක අයිතිකරු විසින් ත්‍රිරෝද රථය සොරාගෙන ඇති බවට ලද තොරතුර මත ත්‍රිරෝද රථයේ අමතර කොටසක් පමණක් සොයා ගැනිමට පොලිසිය සමත්වි ඇත.

සැකකරු සොරාගන්නා ලද ත්‍රිරෝද රථයේ  කොටස් ගලවා සැකකරුගේ ගරාජෙයෙන් ත්‍රිරෝද රථ අලුත්වැඩියාව සදහා පැමිණි ගිනිගත්හේන සහ මස්කෙලිය ප්‍රදේශයේ ත්‍රිරෝද රථ දෙකකට සොර ගන්නා කද ත්‍රිරෝද රථයේ කොටස් සවි කර  එම ත්‍රිරෝද රථයේ තවත් කොටස් කිහිපයක් හැටන් ප්‍රදේශයේ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානවලට අලෙවි කර තිබියදි පොලිසිය විසින් එම කොටස්ද පොලිස් භාරයට ගෙන ඇත.

– හැටන් රන්ජිත් රාජපක්‍ෂ

82 views
Main News