ඇදිරි නීතිය මැද මත්පැන් අලෙවිසැල් සමගම වෙලදසැල්ද විවෘත කරයි..

September 18, 2021 at 12:40 pm | lanka C news
ඇදිරි නීතිය මැද මත්පැන් අලෙවිසැල් සමගම වෙලදසැල්ද විවෘත කරයි..

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හමුවේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම මත්පැන් අලෙවිසැල් සුපුරුදු පරිදි (18) දිනයෙත් විවෘත කර පාරිභෝගිකයන්ට මත්පැන් අලෙවි කරන ලෙස මත්පැන් අලෙවිසැල් හිමියන් වෙත උපදෙස් ලබාදුන් බව හැටන් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති ජානක පෙරේරා මහතා පැවසිය.

(17) දින පස්වරුවේ සිට මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අවසර ලබාදිමෙන් අනතුරුව පනවා ඇති ඇදිරිනිතියද නොතකා මත්පැන් මිල දි ගැනිමට හැටන් , නුවරඑලිය ඇතුළු වතුකරයේ ප්‍රධාන නගර වල මත්පැන් අලෙවිසැල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ලැබුණි.

මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමත් සමග වතුකරයේ ප්‍රධාන නගර කිහිපයකම වෙලදසැල්ද විවෘත කර තිබෙන ආකාරයක් දක්නට විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

32,846 views

8 Comments to “ඇදිරි නීතිය මැද මත්පැන් අලෙවිසැල් සමගම වෙලදසැල්ද විවෘත කරයි..”

  1. බේබද්දා says:

    බේබද්දෝ තීරණ ගන්නා නිසා කොරෝනා අස්සෙත් බාර් අරින්න තීරණය කළා…ඔන්න වැඩ…

  2. Senevi says:

    Law and order has gone to dog

  3. පොඩි රාජා says:

    ඊයෙ අනගාරික ධර්මපාල තුමා ගේ 157 වෙනි ජන්ම දිනය , ඊනියා සිංහල , බෞද්ධ ජනවරමක් ලැබූ , පාදඩ රාජපක්ෂ ආණ්ඩුව… හවස්වරුවේ, …තකහනියේ, …නිරෝධන නීති පසෙක ලා ,   මත්පැන් සල් විවුර්ත කරමින් , එතුමා සැමරුව හැටි හරිම අපූරුයි …කෝ අර කඩේ ගිය voice cut  කහකඩයො

    • සමන් says:

      මම හිතන්නේ ඔබතුමන්ට මත්පැන් බෝතලයක් ලබා ගැනීමට නොහැකි වීම ගැන වෙන්න ඇති කල කීරිම ඇත්තේ.

  4. කෝවිඩ් සනීපද? says:

    මිනිහ බීල ආවහම ගෙදර කෝවිඩ් සනීපද කෝවිඩ් කමිටුවේ…

  5. චන්ද දායක says:

    කබ්රාල් ගෙ ඕඩර්ස්……

  6. ගෞම් ඊයාරාජ් says:

    බාර් ඇරලා මිනිසුන්ට බොන්න දෙන එක හොදයි කියමුකො , හැබැයි මේ තීරණය ගත්තේ කිනම් ආයතනයකද කියන කාරනාව තාමත් පුරශ්නයක් ඒ අස්සේ රටේ දැනට පවතින නිතී රාමුවට අනුකූලවද මේවන් ක්‍රියා සිදුවෙන්නේ සහ කොවිඩ් පොකුරු ඇතිවීමේ ප්‍රවණතාවයන්ද ඉහලයි ,ඒත් ඉතින් ගුරු පොකුරු ගැන වැලලෙන්න හදපු උම්මාද බෛයොනං මීක් සද්දයක් නෑ.

  7. සමන්ත says:

    සමහරු කියනවා සුද්දා අපේ රටේ මිනිසුන්ට බොන්න පුරුදු කලා කියලා. එතකොට ඔය රජ කතා වල තියෙන්නේ සුරාවෙන් මත්වු රජවරු ගැන සතුන් ගැන එහෙම. මුලින් බුද්ධ දර්ශනය බුද්ධියෙන් විමසා බලා කටයුතු කල යුතුයි. අපේ රටටත් වඩා ථෙරවාද බුදු සමය මුල් බැසගත් තායිලන්තය ගැන සිතන්න. අපේ රටේ උපසම්පදාව නැතිව ගිය තැන තායිලන්තයේ සහ බුරුමයේ උපසම්පදාව ගෙන එන ලද්දේ. අපේ රටටත් වඩා අඛණ්ඩව ථෙරවාද බුදු සමය එම රටවල ඇත. ඒත් අපේ රටේ වගේ බුජ්ජාගම් කාරයෝ එම රටවල නැත. බුදු දහමෙන් ලැබුණා වු නිදහස එම රටව ඇත. බුදු දහමේ හොද නරක කියා දී ඇත. එය පිළිපැදිය යුත්තේ කෙසේද යන්න තීරණය කල යුත්තේ තමන් ම තමයි. නමුත් අපේ රටේ වෙන්නේ වැඩිහිටි කකුළුවන් හරහට යද්දී පොඩි කකුළුවන්ට කෙලින් යන්න කියන වැඩ.