ඇදිරි නීතිය මැද සතොස ඉදිරියේ දීර්ඝ පෝලිම්.. අයෙකුට සීනි 03යි.. හාල් 05යි..

September 3, 2021 at 3:50 pm | lanka C news
ඇදිරි නීතිය මැද සතොස ඉදිරියේ දීර්ඝ පෝලිම්.. අයෙකුට සීනි 03යි.. හාල් 05යි..

රජය මගින් සිනි සහ සහල් මිල පාලන මිල ප්‍රකාශ කිරිමත් සමග හැටන් සතොස ශාඛාවෙන් සිනි,සහල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පාරිභොගිකයන් විශාල පිරිසක් පොලිම් වල රැදි සිටියහ.

සතොස ශාඛාවෙන් දුඹුරු සිනි කිලෝ දෙකක් සහ සුදු සිනි කිලෝව බැගින් සහ සැම වාර්ගයේම සහල් වලින් කිලෝ පහ බැගින් පාරිභෝගිකයන්ට ලබාදෙයි.

සතොස ශාඛාවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට වතුකරයේ ජනතාව ඇතුළු හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් විශාල පිරිසක් හැටන් සතොස ශාඛාව වෙත පොලිම් වල රැදි සිටි අතර , පොලිම් පාලනය කිරිම සදහා හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයේ රාජකාරි කටයුතු සදහා යොදවා ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

28,674 views

15 Comments to “ඇදිරි නීතිය මැද සතොස ඉදිරියේ දීර්ඝ පෝලිම්.. අයෙකුට සීනි 03යි.. හාල් 05යි..”

  1. kkuruwita says:

    මේ වගෙ මීහරක් පාලනය නොකලොත් රජය ටයි ඉන් අවාසිය වෙන්නෙ. වහාම පියවරක් ගන්න. තවමත් ජනතාවගේ විස්වාසය ගෝටා ගැනයි.

  2. බයිසන් says:

    ආණ්ඩුවේ ප්‍රභූවරුන්ට ඉල්ලන ඕනෑම දෙයක් නොමිලේ ලබාදෙන්න සතොසෙ බූරුවෝ දැනගන්න ඕනැ. ඔය සේවකයින් ගෙ වැඩ තහනම් කරලා සතොස ශාඛාව අපෙ මංත්‍රී තුමාට බාරදෙන්න කියල ජනාධිපති තුමගෙන් ඉල්ලා සිටිනවා.

  3. Jagath Silva says:

    Mulu lovama mata obai ,Oba mata visvasai

Main News