ඇදිරි නීතිය මැද සියළුම සතොස අලෙවි සැල් විවෘත කරයි..

September 13, 2021 at 4:40 pm | lanka C news
ඇදිරි නීතිය මැද සියළුම සතොස අලෙවි සැල් විවෘත කරයි..

කොවිඩ් -19 වසංගත තත්වය නිසා ඇති වී ඇති දැඩි ඛේදවාචකයේදී සියලුම සතොස අලෙවිසැල් විවෘත කර අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාවට ලබාදීමට රජය පියවර ගනිමින් සිටින බව පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියාලේන්දන් මහතා පැවසීය.

මේ බව පැවසූවේ මඩකලපුවේ සතොස අලෙවි සැල නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

ජනතාවගේ යහපත සඳහා රජය මැදිහත්වී ජනතාවට අත්‍යවශ්‍ය හාන්ඩ හිගයකින් තොරව ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාටද තමා මේ සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

සමහර වෙළෙදුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හංගමින් රජයත් ජනතාවත් අපහසුතාවට ලක්කිරීමේ කටයුතු වල නිරත වන බවද එම කටයුතු වලට ආණ්ඩුව ඉතා ශක්තිමත්ව මුහුණ දෙන බැවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් පැවසීය.

මඩකලපුව සතොස අලෙවිසැලේ කාර්ය මණ්ඩලයටද උපදෙස් දෙමින් කිසිවිටකවත් ජනතාව අපහසුතා වලට ලක් නොකර අවශ්‍ය දේවල් ගබඩා කර පවත්වා ගෙන යායුතු බවත්, මොනම ගැටලුවකදී උවද තමාව දැනුවත් කරන ලෙසද දේශපාලන වශයෙන් කල හැකිදේ කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

– kelum Postalministry

12,519 views

13 Comments to “ඇදිරි නීතිය මැද සියළුම සතොස අලෙවි සැල් විවෘත කරයි..”

  1. Chathura Gunarathna says:

    eka nam godak hoda deyak nathnam kalu kada karyo maha janathawa huragena kanawa

  2. රුක්ෂාන් සිල්වා says:

    ජනතාව කබලෙන් ලිපට වැටිලා ඉන්න වෙලාවේ ඒ තීරණය ගොඩක් හොද එකක්.

  3. Sagarika Alvis says:

    kohoma unath janathawa apahasuthawata path nokara karana onima deyak hoda deyak. mokada janathawa balagena inne e dewal. hoda wadak karanawa nam kohomath apith ethana innawa. me dawaswala huragena kanna thama hmoma balagena inne. eka nawaththanna ganna onima piyawarak ganna ekata api kamathi.

  4. ගොන් බයි වහලා says:

    බයියට ඇදිරි නීතිය හරි යන්නෙ නෑ නොනගතේ කියල කිව්ව නම් එකෙක් එලියට බහින් නෑ උන්ටම හරියන පාලකයො ලොක් ඩවුන් කියල කියන්නෙ කඩේ එක දොරක් ඇරල බඩු දෙන බස් හැර අනෙක් සියලු වාහන පාරට දමන එහෙකට .මේ වගේ පාලකයොත් වහල් ජනතාවත් එකට සෙට් උන රටකට මෙහෙම වීම පුදුමයක්ද ? ලක්ස හයක් එක අවුරුද්දකට මේ රට අතෑරල යන එක පුදුමයක්ද ?

  5. Be united says:

    රටෙම සල්ලි එක ගොඩකට ගහ ගන්න සුපර් මාර්කට් ටික වැහෙන්න ම ඇරියා නම් තමයි නියම.

  6. Sunil Perera says:

    godk hoda deyk kranawa nam’

  7. මෝඩ බයියා says:

    රණ විරු ගාය සනීපයි රටවිරු ගාය සනීපයි සුව විරු ගාය සනීපයි වද කොත්තු වද සාපි විල්පත්තු ඔක්කොම ටික සනීපයි බඩු මිල සනීපයි කොරෝනා සීරෝ කරල ලෝකෙම්ම එක වෙන ගාය සනීපයි බයි අපේ සියලු ගායවල් අමාරුකම් සනීප කොට වලව්වෙ බල්ලාටත් සැප දෙන්න සැලැස්සු අපේ හාම්පුතුන්ට බයි උපහාරය.

  8. Mssilva says:

    Good lesson for rice mafia

  9. හොඳටම කරන ස්ටෝර්ස් says:

    මොන ඇදිරිනිතිද ? කඩවත රාගම පැත්තේ අත්‍යවශ්‍ය සේවා ඇරෙන්න අනික් හැම එකම පාරේ. නැති බැරි එදා වේල් හොයා ගත්තා මිනිස්සු හුල්ල හූල්ල ගෙවල් වල. පුළුවන් හැම ඒකාම ඕන ඕන විදියට එහේ මෙහේ යනවා. කඩ වහලා හැබැයි බඩු විකුණනව කිසි කිසි ගාල. මේ ගොන් ආතල් ඔක්කොම හදිසි නීතිය යටතේ මිනිස්සු උද්ඝෝෂණ කරන ඒකෙන් බේරෙන්න ආණ්ඩුව ගහපු ගේ ම තමා.

  10. සනත් ඉතාලිය says:

    දැන් ඕන්ම කෙනෙකුට ඇදිරිනීතියෙන් රින්ගල යන්න පුලුවන් සතොසට යන්නෙ කියනව. එතකොට යන්න පුලුවන් සතොසෙන් ගන්නව සීනි කිලො එකක් ඒක අතේ තියාගෙන යන්න ඕන හැමතැනම යනව. නඩුත් හාමුදුරුවන්ගෙ . බඩුත් හාමුදුරුවන්ගෙ කොහොමද බයියන්ගෙ ටිකිරි මොලේ.

Main News