ඇදිරි නීතිය හෙට ලිහිල් කරන ප‍්‍රදේශ මෙන්න…

October 25, 2020 at 7:48 pm | lanka C news
ඇදිරි නීතිය හෙට ලිහිල් කරන ප‍්‍රදේශ මෙන්න…

බේරුවල, පයාගල, අලුත්ගම පොලිස් බල ප්‍රදේශයන්ට පනවා ඇති ඇඳිරි නීතිය හෙට අලුයම පහට ඉවත් කරන බව කලින් දැන්වූවද එම තීරණය අවලංගු කල බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කය හා සෙසු ප‍්‍රදේශවලට පනවා ඇති ඇදිරි නීතියද හෙට ඉවත් කිරීමට තීරණයක් ගෙන නැතැයිද ඒ මහතා පැවසීය.

ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට හෙට දිනයේ පෙරවරු 08.00 සිට රාත‍්‍රී 10.00 තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසැල් හා ඖෂධ හල් විවෘතව තබන බවද ඔහු පැවසීය.

48,964 views

7 Comments to “ඇදිරි නීතිය හෙට ලිහිල් කරන ප‍්‍රදේශ මෙන්න…”

  1. අලපාලුවා says:

    ඉස්සරහට මේක උතුරු කොරියාවක් නොවුනොත් තමා පුදුම. දැන් ඇට නම ලස්සෙට කැමැත්ත දීපු උන්ගෙන් දහදෙනෙක් හොයා ගන්නත් අමාරුයි. හරියට කොරෝනා හැදිලා නිරෝධායනය ට බයේ හැංගිච්ච කුඩ්ඩෝ වගේ. දැන් ඉතින් ගෙදර මලත් විස්ස සැපයී කියලා ස ගේ ෆොටෝ එකට වැඳලා බුදුයාගනිල්ලා.

    • AA says:

      ELA KATHAWA

    • කාන්තාර පළඟැටියා says:

      රටේ නායකයා හැරෙන්න කාටද අවසර දෙන්න පුලුවන් නිරෝධායනය නොකර ඉන්දියානුවන් බ්‍රැන්ඩික්ස් එකට ගන්න.
      ඔහු එය නොකලනම් කරපු එකාව නීතිය ඉදිරියට ගේන්න ඕන.
      එහෙමත් නැත්නම් මෙහෙම සිද්දියක් වුනේ නැහැ කියල සත්‍යය සිදුවීම මාධ්‍යය මගින් හෙලිකරන්න ඕන.
      පරමාධිපත්‍යය බලය තියෙන්නෙ ජනතාවට.
      ජනතාව පත්කල නායකය වැඩ කරන්න ඕන සමස්ත ලාංකීය ජනතාව ගැන හිතලා.
      බලයට එන්න ව්‍යාපාරකයින්ගෙන් උදව් ලබාගෙන ඒවාට ප්‍රථිඋපකාර කරනකොට හිතන්න ඕන ඉන් රටට වන හානිය.

      • කාන්තාර පළඟැටියා says:

        මගේ නමින් කමෙන්ට් දාන්න එපා පාරහයෝ

        • Alapaluwa says:

          ඈ බං. ඔය මනුස්සය උඹේ නමින් හරි ලියල තියන එක වැරදිද? වහලෙක් නොවී හිතපං. තමන්ගෙ දරුවෙක්, අම්මෙක් වගේ ළඟ ඥාතියෙක් මැරෙනකල්ම ඉන්න ඕනද උඹලට මොලේ පෑදෙන්න? මතක තියාගනිල්ලා මේ නෙලමින් ඉන්නෙ උඹල වපුරපු අස්වැන්න.

    • damian says:

      UNP JVP fools’ ස්වයං වින් දනය . !

  2. 😡😡😡😡😡😡😡 says:

    රටේ නීතිය රෑට ෆාස්ට් කාර්වල යන එවුන්ටයි මන්ත්‍රී හෙන්චයියලටයි වැනෙනකොට කොරෝනාව ගනන් ගත්තේ නැහැ..!
    අද රටම අවධානමට වැටිලා ඉන්නේ…! හැබැයි මේ තත්වය පාලනය කරන්නට රට වැසියාම කැපවෙලා රට වේසියාම ගේ ඇතුලට වෙලා හිටියේ නැත්නම් මුලු රටටම අබසරනයි..! යුරෝපයේ රටක කොරෝන තුට්ටුවකටවත් ගනන් නොගෙන රෙඩ් වයින් බීලා රෑට ජොලි කරපු අපේ එවුන් දඩමස් වාගේ කොරෝනාවට බිලි වුනා..! මාස පහක්ම ඒ නගර කාන්තාර බවට පත්වුනා!
    ඉන්ඳියාවේ තාම වසන්ගතය උඩු දුවනවා… අපේ එවුන් මැරිච්ච මාලුවාටත් බෝකලා වගේ හැසිරුනේ… මුහුදේ බෝට්ටුවල තාම කිලෝ 9000 ක් මාලු හිර වෙලාලු..! ඒ තරමටම ඒවා ජාඩි වෙලා…! සමහර වෙලාවට ඒවා කොත්තුවලට ඩීල් දායි..!

    දැන් සනීප ද.. ද… ද…. ද..?

Main News