ඇදිරි නීතිය 18 තෙක් දිගු කරන්නැයි කියයි…

September 6, 2021 at 3:22 am | lanka C news
ඇදිරි නීතිය 18 තෙක් දිගු කරන්නැයි කියයි…

දැනට පවතින තත්ත්වයක් අනුව ආසාදිතයන් තවදුරටත් වාර්තා වීම අඩු මට්ටමකට පත් කිරීම සඳහා සංචරණ සීමාවන් සැප්තැම්බර් 18 වන දින දක්වා පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සඳහන් කරන්නේ සන්චරණ සීමා පැනවීම හේතුවෙන් ආසාදිතයන් වාර්තා වීම අඩු මට්ටමකට පැමිණ ඇති බවයි.

සංචරණ සීමා ඉතා තද ආකාරයෙන් ක්‍රියාත්මක නොවුනත් පවතින ආකාරයෙන් හෝ 18 වන දින දක්වා එය පවත්වාගෙන යා හැකි නම් වඩා සුදුසු බවද ඇය පෙන්වා දෙයි.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

58,970 views

16 Comments to “ඇදිරි නීතිය 18 තෙක් දිගු කරන්නැයි කියයි…”

  1. Karunarathna says:

    කොරෝනා ව්‍යාපාරිකයන් නිසා රට, මහජනයා සහ අනික් සියලු ව්‍යාපාරිකයන් හාන්සි වෙන බව නොතේරේද?
    කොරෝනා ව්‍යාපාරයට එරෙහි වෙමු…!

  2. සමන්ත says:

    ඇත්තටම රට වහන්න කියන ඔබතුමියද අපට කන්න බොන්න දෙන්නේ. අඩුම වශයෙන් ආණ්ඩුව අපිට රැකියා අහිමි වුණා යැයි රුපියලක් වත් දුන්නේ නැත. දැන් නම් අපට ඔබතුමියගේ දෙමාව්පියන් සිහි වෙනවා. ⁣අන්තිමට ලංකාව මන්ද පෝෂණයෙන් ද අංක එක වනු ඇත. මේ වගේ මෝඩ තීරණ නිසා. කොවිඩ් සමග ජීවත් වෙන්න වෙනවා. ඔය කරන පිස්සු සංචාරකයින් ගෙන්වන එක නවත්වන්න. අනෙක් රටවල මෙන් කොරෝනා වලට බෙහෙත් විද ගත් සහ පැය 72 කට කලින් ගත් PCR එක.අනිවාර්ය කරන්න. ඒ වගේම හිගන රටවලින් නැතිව මුදල් වියදම් කරන රටවල් දෙසට හැරෙන්න. රුසියානු, යුක්රේන් සංචාරකයන් නොව එන්නේ ගණිකාවන්. ඉන්දියානුවන් මුදල් වියදම් නොකරයි. මේවා විකාර නවත්වන්න. රට වසා දමනවාට වඩා හොදයි මෙය.

Main News