අත්‍යවශ්‍ය සේවා බලපත් ගන්න රට පුරා දීර්ඝ පෝලිම්..

August 22, 2021 at 1:20 pm | lanka C news
අත්‍යවශ්‍ය සේවා බලපත් ගන්න රට පුරා දීර්ඝ පෝලිම්..

ඇඳිරි නීති සමයේ ගමන් බලපත්‍ර සකස් කර ගැනීම සඳහා රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලට ප‍්‍රාදේශීය සභා කාර්යාලවලට විශාල පිරිස් ඒකරාශි වී සිටී.

රජය විසින් දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍යය පාරිභෝගික භාණ්ඩ ප්‍රවාහනය කිරීම ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඇඳිරි නීති බලපත්‍ර ආසන්නම ස්ථාන වලින් ලබා ගත යුතු බවය.

ඒ අනුව එම බලපත් ලබා ගැනීම සඳහා රටපුරා පිහිටි පොලිස් ස්ථාන වලට ප‍්‍රාදේශීය සභා කාර්යාලවලට විශාල පිරිසක් ඒකරාශී වෙමින් සිටිති.

ඊට අමතරව අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් පුද්ගලයන්ට තම සේවා හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් හෝ අනන්‍යතාවය තහවුරු කිරිමෙන් පසු ගමන් කිරීමේ හැකියාව ලැබේ.

36,367 views

4 Comments to “අත්‍යවශ්‍ය සේවා බලපත් ගන්න රට පුරා දීර්ඝ පෝලිම්..”

  1. රටවැසි says:

    අන්තිමේදි ඇඳිරි නීතිය නිසා ගෙවල් වල ඉතුරු වෙන්නෙ ඇවිද ගන්න බැරි අය විතරක් වේවි . ඉතිං ඇදිරි නීතිය දාපු කෙනා පව් කියල හිතෙන්නැද්ද .

    • ජහමනයා says:

      විනයක් නැති මිනිස්සුන්ට මොන නීති දැම්මත්, මොන තහන්චි දැම්මත් වැඩක් නෑ

  2. jaya says:

    කරුණාකර මෙසේ එන අය සදහා රැපිඩ් අන්ටිජන් කර නෙගටිව් නම් විතරක් අවසර දිය යතුය තවද වැක්සින් දෙකම ඔවුන් ලබා ගෙන තිබිය යතු වේ එසේ නොවන කල මෙම ලෝකඩවුන් එකෙන් පලක් නොවනු ඇත. මොවුන් රෝග වාහකයන් ලෙස තවත් කොරෝනා පතුරවයි.

    ජයා-දොම්පේ

  3. Karunarathna says:

    නිකන් ඉදගෙන මාස් පඩි ගන්න රජයෙ සේවකයන්ටයි සමහර පුද්ගලික සේවකයන්ටයි තේරෙන්නෙ නෑ මහන්සියෙන් හම්බකරන් කන මිනිස්සුන්ගෙ වේදනාව.. වැඩ නොකර ගෙදර ඉන්නව නම් ඒ කාලෙට පඩි නොගෙවන ක්‍රමයක් හදන්න.. එතකොට වහපියව් කිය කිය කෑ ගහන්නෙ නෑ ලෝන් වාරිකේ මතක් වෙනකොට.. කොරෝනා පැත්තකින් තියලා වැඩට දුවයි..