ඇන්ටිජන් කරන්න මුදල් ගෙවා දිනක් රෝහලේ නවතින්නැයි පුද්ගලික රෝහල් දන්වති..

August 30, 2021 at 11:20 am | lanka C news
ඇන්ටිජන් කරන්න මුදල් ගෙවා දිනක් රෝහලේ නවතින්නැයි පුද්ගලික රෝහල් දන්වති..

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරිම පෞද්ගලික රෝහල් ප්‍රතික්ෂේප කරමින් තිබේ.

එම පරීක්ෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කරන ලද උපරිම මිල හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

රුපියල් දෙදහක් ලෙස උපරිම මිල නියම කර ඇතත් එම මිලට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ නොහැකි බව කියමින් පෞද්ගලික රෝහල් හා රසායනාගාර එම පරීක්ෂණ සිදු කිරීම අතහැර දමමින් සිටී.

ඇතැම් පෞද්ගලික රෝහල් දන්වා ඇත්තේ මුදල් ගෙවා දිනක් වාට්ටුවක නතර වන්නේ නම් පමණක් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කළ හැකි බවයි.

මෙම තත්ත්වය මත සැක සහිත පුද්ගලයන් පරීක්ෂණ කර ගත ගැනීමට නොහැකිව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇත.

61,194 views

16 Comments to “ඇන්ටිජන් කරන්න මුදල් ගෙවා දිනක් රෝහලේ නවතින්නැයි පුද්ගලික රෝහල් දන්වති..”

  1. ජලිත් දියවීර says:

    හහ්.. හා…. බූ..හා…. හිහ් . හී. හුක්කි හුක්කි හූ……………

  2. Sith says:

    උබලා වවාගෙන කන්න ගිහින් ඔන්න බලහල්ල රටට වෙන දේ… උබලගෙ පවුල් පිටින් සුන්නද්දූලි වෙලා යන්නෙ , බලහල්ලකො බොරුනම්, යකෝ සාදාරණව දැහැමිව ජීවත් වෙයල්ලා ස්භාවදර්මය දෙයක් පෙන්නල දීලා තියන මේ වෙලාවෙවත්.

  3. Saman says:

    Antigen kits tika market ekata danna.oya private un onee nee

  4. Ajith says:

    පේනවා නේද මේ පවුද්ගලික රෝහල් වලින් මඩිය තර කරගන්නවා මිසක් සේවයක් නැති බව. ටිකක් දුක් වින්දත් මීට පස්සේ ආණ්ඩුවේ රෝහල්වලටම පලයල්ලා

  5. ගෞම් ඊයාරාජ් says:

    කවුද බන් මේ රට කරන්නේ ? සිරිසේන්ද ? උන්නැහෙත් මීට වඩා දහස්වාරයක් හොදට කලා. 😂😁😁

  6. ජනතාව says:

    පුද්ගලික රෝහල් අහිංසක මිනිස්සු හුරාගෙක කාලා අවුරුද්ද අවසානයේ විශාල ලාභයක් පෙන්නලා නොයෙකුත් ආයතන වලින් medal ගන්නවා.ඒ මදිවට මුන්ට තව රජයේ තනතුරු ත් දෙනවා…

Main News