ඇඳිරිනීතිය අතරේ මහ පරිමාණෙන් කසිප්පු පෙරයි..

April 9, 2020 at 2:03 am | lanka C news
ඇඳිරිනීතිය අතරේ මහ පරිමාණෙන් කසිප්පු පෙරයි..

යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කල ස්ථානයක් ප්‍රදේශවාසී තරුණයින්ගේද සහයෙන් වැටලූ බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පැවසීය.

පොන්නාලෙයි කලපුවක් ආසන්නයේ කිසියම් පිරිසක් විසින් නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කරන බවට වඩුක්කොඩ්ඩෙයි පොලීසියට ලැබුනු තොරතුරකට අනුව ප්‍රදේශවාසී තරුණයින් පිරිසක් හා පොලීසිය එක්ව එම ස්ථානය වටලා ඇත.

එහිදී නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිසැකකරුවන් පොලීසිය දැක පලා ගොස් ඇති අතර ප්‍රදේශවාසීණ්ගේද සහයෙන් පලාගිය සැකකරුවන් සෙවීම සිදුකලද සොයාගැනීමට නොහැකි වී ඇත.

අනතුරුව නීතිවිරෝධී මත්පැන් සමග නිශ්පාදනය කිරීම සඳහා යොදාගත් උපකරණ සියල්ලක්ම අත්අඩංගුවට ගෙන විනාශ කිරීමට පොලීසිය විසින් පියවර ගත් අතර පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුලුල් පරික්ෂණය අරඹා ඇති බවටත් වඩුක්කොඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,593 Viewers

3 Comments to “ඇඳිරිනීතිය අතරේ මහ පරිමාණෙන් කසිප්පු පෙරයි..”

  1. ekala police says:

    ekala manage pathala kandayama othe kele maha parimanayen kasippu perai

  2. අක්බාර් ලොක්කා says:

    මේවා සුළු කර්මාන්තයක් ලෙස නීතිගත කරල පොඩ්ඩක් මොඩිෆයි කරල අත හෝදන විශබීජනාශක දියර හදන්න ගන්න බැරිද?

  3. Ekala police says:

    ඒකල මනා ගේ පාතාල කල්ලිය මහා පරිමාණයෙන් කසිප්පු පෙර ඔතේ කැලේ වනසයි .පොලිසිය මර නින්දේ.

Main News