ඇඳිරි නීතිය මැද එන්නත්කරණය අඛණ්ඩව.. අත්‍යවශ්‍ය සේවාද නොනවතී…

August 21, 2021 at 8:01 am | lanka C news

20 රාත්‍රී 10.00 සිට අගෝස්තු මස 30 වන සඳුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කරයි.

වයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලුදෙනාට එන්නත ලබාදීම ඉලක්ක කර ගනිමින් මෙම තීරණයට එළැඹි අතර, සැප්තැම්බර් 01 දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ග්‍රාමීය කොවිඩ් මර්දන කමිටු හරහා එම පිරිස් හඳුනාගෙන එන්නත්කරණය සඳහා සෞඛ්‍ය අංශ වෙත 23 සඳුදා දිනට පෙර වාර්තා කළ යුතුය. එසේම 1906 ක්ෂණික දුරකථන අංකයට හෝ කොරෝනා මර්ධන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට කතා කිරීමෙන් ලියාපදිංචි වීමේ පහසුකම ද සලසා තිබේ. මෙම එන්නත්කරණ වැඩසටහන සෞඛ්‍ය අංශ උපදෙස් අනුව හමුදාපතිවරයාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමට ද තීරණය කෙරිණ.

කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කෘෂිකාර්මික, ඇඟලුම් සහ ඉදිකිරීම් කර්මාන්ත, අපනයන කර්මාන්ත, ඖෂධ අළෙවි සැල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හා ගුවන් තොටුපොළ සහ ගුවන් යානා මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ද ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරනනන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේය.

මෙම කාල සීමාවේදී දේශීය ඖෂධ ග්‍රාමීය සහ නාගරික මට්ටමින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන, යුද සහ නාවික හමුදාපතිවරු, පොලිස්පති, ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

19,768 views

5 Comments to “ඇඳිරි නීතිය මැද එන්නත්කරණය අඛණ්ඩව.. අත්‍යවශ්‍ය සේවාද නොනවතී…”

  1. AA says:

    අද පිපිමට නියමිත අගරදගුරැ පොකුරට අපේ හදපිරි මෙවිවා එක අනුග්‍රහය බුරැ සජිත්

  2. Saman says:

    වුර්තිය සමිති ත්‍රස්තවාදය අවසන් කරමු ..ලෙඩ පැතිරෙන්නට හැරියේ ඔවුන්.

  3. Norata Eka says:

    තාමත් මේ එන්නතක් අල්ලගෙන දඟලනවා, මෙච්චර විනාශයක් වුනේ මේ එන්නත්කරනය නිසයි, මොලේ කලඳක් හරි තියෙනව නම් මේක තේරුම් යන්න ඕනෙ…

    • කොරෝනා මරණ වලින් 97% ක්ම කිසිදු එන්නතක් ලබා නොගත් අය..

      • Norata Eka says:

        කොරෝනා පලමු දවසෙ ඉදන් ගනන් හදල, ප්‍රතිශත දානවා, කිසිදු විද්‍යා අධ්‍යාපනයක් ලැබූ අයෙක් මෙවන් මොංගල් සන්සන්දන කරන්නෙ නෑ …
        බලාගෙන ඉන්න තව සති දෙකක්…
        ඉදිරියට කවුද මැරි මැරි යන්නෙ කියල …