ඇඳිරි නීතිය මැද නිවාස කොල්ල කෑ කල්ලියක් අත්අඩංගුවට.. කාන්තාවකුත් ඒ අතර..

April 22, 2020 at 2:02 am | lanka C news
ඇඳිරි නීතිය මැද නිවාස කොල්ල කෑ කල්ලියක් අත්අඩංගුවට.. කාන්තාවකුත් ඒ අතර..

යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන රැසක ඇඳිරීනීතය දිනයන්හී ඉතා සූක්ෂමව නිවෙස් වෙතට ඇතුලු වී කොල්ලකෑම්හි නිරත වූ කාන්තාවක් ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් කොල්ලකරුවන් සමීපයේ රත්තරන් පවුම් 10 කට අධික ප්‍රමාණයක් මෙන්ම සොරාගත් රත්තරන් උකස් කරන ලද ලියකියවිලි රැසක්ද පොලීසිය විසින් සොයාගෙන ඇත.

පසුගිය 10 වනදාද යාපනය චාවකච්චේරි ප්‍රදේශයේදී අඹුසැමි යුවලකට පහරදී රත්තරන් හා මුදල් කොල්ලකෑමේ සිද්ධියටද මෙම කොල්ලකරුවන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පල කරන අතර ඊට අමතරව යාපනය දිස්ත්‍රීක්කයේ ස්ථාන කිහිපයකින් වාර්ථා වූ කොල්ලකෑම් සඳහාද මෙම අත්අඩංගුවට ගත් පිරිස දායක වී ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.

අත්අඩංගුවට ගත් පිරිස යාපනය මාණිප්පායි ප්‍රදේශයේ සහ කිලිනොච්චිය පලෙයි යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර කොල්ලකන ලද තවත් ස්ථාන පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකොට යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

66 views

One Comment to “ඇඳිරි නීතිය මැද නිවාස කොල්ල කෑ කල්ලියක් අත්අඩංගුවට.. කාන්තාවකුත් ඒ අතර..”

  1. jothipala,s says:

    Thavath dhuk niwednayai!!! Gnasara saha chathura nawaloka ispirithale admitwela un dennatama kovid19 hedila…

Main News