ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් නිදහස් කරන්න ජනපති සූදානම්..

March 25, 2020 at 6:48 pm | lanka C news
ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් නිදහස් කරන්න ජනපති සූදානම්..

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිතුමා පත් කළ විශේෂ කමිටුව ජනාධිපති කාර්යාලයේ දී එතුමා හමු වූ අවස්ථාවේ දී මේ උපදෙස් දෙනු ලැබීය.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මීට පෙර බන්ධනාගාර පරිශ්‍රය නිරීක්ෂණ කළ අවස්ථාවේ රැඳවියන් එතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව සහන සැලසීමට පියවර ගැනිණ.

දැනට දඩ මුදල් ගෙවීමට හෝ ඇප මුදල් හෝ පුද්ගල ඇප ලබාදීමට අපොහොසත් රැඳවියන්ට නෛතික ප්‍රතිපාදන සැලසීමට  නිර්දේශ ඉදිරිපත් කරණු පිණිස කමිටුව මාර්තු 26 වනදා ජනාධිපතිතුමා යළි හමුවීමට නියමිතය.

නීතිඥ කමිටුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් සමන්විතය.

බන්ධනාගාර කොමසාරිස් ජයසිරි තෙන්නකෝන්, නීති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර, නියෝජ්‍ය බන්ධනාගාර කොමසාරිස් වෙනුර ගුණවර්ධන, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ලේකම්  කෞෂල්‍ය නවරත්න, ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර සිල්වා, නීතිඥ සුසර දිනාල් යන මහත්වරු ඇතුළු නීතිඥ පිරිසක් හමුවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

34,541 Viewers

20 Comments to “ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් නිදහස් කරන්න ජනපති සූදානම්..”

  1. 🤣🤣🤣😄😄😄 says:

    වෙලේ සුදා පලමුව….හා ද..??
    ආයි බන්ධනාගාරෙ ප්‍රශ්න ඇති නොවේවි…!

  2. මේ අය නිදහස් කළ යුත්තේ කොන්දේසි සහිතව, තාවකාලික පදනමකිනි.. නැතහොත් මෙම ක්‍රියාව සිල්ලර ලෙස ගෙන ඕනෑ ඕනෑ විදියට නීතිය අතට ගැනීමට සමහරු පෙළඹිය හැක. එවිට කොන්දේසි කඩ කරන අය හෝ නීති විරෝධී හැසිරීම් වල තව දුරටත් යෙදුනහොත් නැවත කැදවීමේ අවස්ථාව රජයට හිමිවේ..

  3. Mr.Positive says:

    Janaadhipathige pothe sulu weradhi kiyanne monawaadha kiyala poddak pehadhili karaanam hondhai naedha

  4. chandana says:

    බැංකු ෙ හාරුන්ට කාෙ ෙරා්නා හැ ෙද්වා කියලා සියලු ෙදනාම ප්‍ර රාර්ථනා කරන්න.

  5. CAT says:

    මහබැංකු මගඩියේ ලොකු හොරු නිදැල්ලේ දුප්පත් කමට ඇප නොගෙවූ හා සුළු වැරදිවලට සිරගත කල රැදවියන් සිරගතකර තබාගෙන සිටීම අසාධාරණයි
    එය රජයක් විසින් නොකළ නොකලයුතුයි හේතුව නිතිය සැමටම පොදු වීමයි ..දේශපාලුවෝ මහාපරිමාණයෙන් සොරකම් කරමින් නිදහසේ ජිවත් වෙනවා
    ගරු ගෝඨාභය ජනපති ගත් තීරණයට අපේ ප්‍රණාමය

  6. NewsHunter says:

    It is good to follow what Iran did ….
    Iran has temporarily released more than 54,000 prisoners in an effort to combat the spread of the new coronavirus disease in crowded jails.
    Judiciary spokesman Gholamhossein Esmaili told reporters the inmates were allowed out of prison after testing negative for Covid-19 and posting bail.
    “Security prisoners” sentenced to more than five years will not be let out.

  7. බන්ඩා says:

    යල් පැන ගිය කෝකටත් විරැද්ධ දුෂ්ට දේසපාලුවන් ගේ අවම සහභාගිත්වයෙන් පැරනි විශෂ් ක්‍රමය වෙනස් කර රට නව මගකට යොමු කරන්න අපේ නව දැක්මක් ඇති ජාතිකවාදී ජනාධිපති තුමාට ලැබුන හොදම අවස්ථාවක්. ජසුබ අනාගතයක්.

  8. truth says:

    ara panadure garbani mawa karala tyine.moda weda.nisa kochara senaga amaruwe wetenwada.KRANNA TIYENA HODAMA DE THAMA DANATA NIRODANAYA KARANNA KARAPU AYAGEE id EKA PNUCHER KARANAM HARI ONAMA THANAKATA YANKOTA ID EKA CHECK KRANNA ONE.NATHNAM MA WAGE GON.HATHI KARETH EKKA BERENNA BAHA.NATHANAM UN LEDA HANGAN GHIN MULU RATAMA AMRUWEE.DANWATH E THIRANAYA GANNAA

  9. sumali says:

    මේක අවම වශයෙන් සැප විදල සුර සැප නොසොයා මොලේ කල්පනාවෙන් ඉන්න ඕන වෙලාවක්.ගෙවල් වලට බඩු ගේනවා කියල සීමාවක් නැතුව නගර වල කාර්ය බහුල වෙන්න ගත්තොත්,මිනිස්සු හෝ ගාල ගෙවල් වලට එන්න ගත්තොත්.අපේ මෝඩ මිනිස්සූ මේ අවස්තාවෙන් හතර අතට කෝල්කරල මිනිස්සු ලවා ගෙදර බඩු අනවශ්ය ලෙස ගෙන්නගෙන ආතල් ගන්න හැදුවොත් අර මෙච්චර කල සෞඛ්‍ය කාර්ය මන්ඩලය,පොලිසිය හමුදාව හා කර්යසාධක පරිපාලන නිලදාරින් වෙහෙසුන වෙහෙසිල්ල වතුරෙ යනවා.අපේ මිනිස්සුන්ගෙ වෙලද පල චර්යාව අපි දැක්කනෙ.ඒවගේම මේ ගෙවල්වලට බඩු ගේන අලුත් වෙනස්කම් මොනව උනත් කෝරොනා මැඩලන්න ගත්ත හරයාත්මක ක්‍රියාව්වලිය ඩැමේජ් කරන්න එපා.කරන හැමදයෙක්ම හොදට සොයා බලල කරන්න.මේ දේවල් වෙන හැටි පරිශාවෙන් ඉන්න.
    අපේ මේ වෙලාවෙ අරමුන අවම සැප පහසුව විදල මේ වසන්ගතේ කඩා ගන්න එක මිසක් මේ වෙලාවෙ සුර සැප විදින්න ගිහිල්ල දෙවන ඉතාලියක් කරගන්න එක නෙවේ.රජය හොද කල්පනාවෙන් ඉන්න.විශේෂක්නයෝ වෛදයවරුන්ට සවන්දෙන්න,හමුදාපතිතුමාට සවන්දෙන්න.අජිත් රෝහන මහත්මයට සවන්දෙන්න,ඒ අයට්යි එක දිගට මැරුනෙ.ඒ අයයි මිනිස්සුන්ගෙ චර්යාවෙ නියම තත්වෙ දන්නෙ.ඒ අය එපා කියන කිසි දෙයක් කරන්න එපා.

  10. විශ්ලේෂක says:

    ලෝකල් ගොඩවෙද්දු කියන දේ නොකර ලෝකයේ අනෙක් රටවල් ගත්ත ප්‍රගතිශීලි පියවර අනුගමනය කිරීම හොද දෙයක්.මේ සිරකරැවන්ව මුදා හරින්නට පෙර Covid 19 අසාධිත නොවූ අය බවටත් තහවුරැ කරගත යුතුයි.මුලින්ම නිර්භීතව ඉරානය ගත් මේ පියවර මේ වනවිට රටවල් කීපයක් සලකාබලමින් සිටී.

  11. නිළමේ says:

    ගමේ පොල් ගෙඩියක්වත් තියන්නැති හොරු නිදහස් කළාම නැවත පටන්ගයි මුල ඉඳල.

    • Love nature says:

      ගමේ පොල් සොරකම් කරන්නේ දුප්පත් කමට ..මුදල් ඇති පොල් වතු හිමියන් ගමේ දුප්පතුන්ට පොල් ගෙඩි ටිකක් නොමිලේ දුන්නොත් ඔවුන් සොරකම් කිරීම නවතී …අපේ රටේ දුප්පත් කම නැතිකිරීමට සියලුම පුද්ගලයින් අසරණ මිනිසුන්ට උදව් කල යුතුයි
      තණ්හාවේ මුදල් රැස් කරලා මැරුණම අරන්යන්නේ නැහැ ..කල පින් පව් විතරයි ගෙනියන්නේ ..ඒ බව තේරුම් ගනිව් මිනිසුනේ

  12. AMPARA SIR says:

    That’s a very needful action to be taken without any delay

  13. Jeevanee kariyawasam chilaw says:

    Hmm. Dan ithin dai okkoma henchaiyo tika eliyata
    Ane anichchan

    • Kiribatha says:

      Parissamen hitapan, eliyata dhana henchayiyo tike umbe paschaath baage athulata dhanda bari naha.

  14. gamarala says:

    මහා බැංකු හොරකම ගැන බලනවිට මේ අය හිරේට දාපු එක ගැන කණගාටු වෙනවා

    • දප්පුල says:

      ගමරාල ලොක්කා, ඊටත් වැඩිය කණගාටු වෙන්ඩ ඕනෙ අර ජූඩ් කියන මිණීවරුවාට නිදහස දීම ගැනයි.

Main News