ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය සංචාරකයන් තිදෙනෙක් සැඩ පහරේ ගසාගෙන යයි..

October 26, 2019 at 2:02 am | lanka C news
ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය සංචාරකයන් තිදෙනෙක් සැඩ පහරේ ගසාගෙන යයි..

ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගිය විදේශිය කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු මග පෙන්වන්නනෙක් කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වි සිටියදි නිරු පද්‍රිතව බේරා ගැනිමට ලක්ෂපාන යුධ හමුදා කදවුරේ නිලධාරින්, පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසින් සමත් වු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.

25 පස්වරුවේ එම විදේශික කාන්තාවන් දෙදෙනා  සහ මග පෙන්නන්නා  ඇබඩින් දිය ඇල්ල නැරඹිමට ගොස් දිය ඇල්ලෙන් පහල කෙසෙල්ගමුඔයේ මැද ගල් තලාවක් මත රැදි සිටිමින් ඡායාරුප ගැනිමට උත්සහ කර ඇත.

ජායාරුප ගනිමින් සිටියදි එක වරම ඇබඩින් දිය ඇල්ලේ ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවත්, ඉන් අනතුරුව ගග මැද ගල් තලාවේ රැදි සිටි තිදෙනාට එගොඩ විමට නොහැකිව සිටියදි ප්‍රදේශවාසින් , යුධ හමුදා නිලධාරින් සහ පොලිස් නිලධාරින් එක්ව කඹ ලණු යොදාගෙන ඔහුන්ව තිදෙනාව නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

මේ අතර නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව සමග විමලසුරෙන්ද්‍ර ජලාශය අද පස්වරුවේ සිට වාන් දැමිමට පටන් ගෙන ඇත.

විමලසුරෙන්ද්‍ර  ජලාශය වාන් දැමිමත් සමග ඇබඩින් දිය ඇල්ලට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

101 views
Main News