ඇමතිකමක් දෙන්න ජනපති බෑ කියයි.. ඇලුත් අවුරුද්දදේ රවීට මල පනී..

April 15, 2018 at 9:20 am | lanka C news
ඇමතිකමක් දෙන්න ජනපති බෑ කියයි.. ඇලුත් අවුරුද්දදේ රවීට මල පනී..

අපේ‍්‍රල් 23 වැනිදා සිදු කිරීමට නියමිත කැබිනට් සංශොධනයේදී රවි කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබා දීම ජනාධිපතිවරයා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව වාර්තා වේ.

කරුණානායක මහතාට ඇමති ධුරයෙක් ලබා දෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂය විසින් යෝජනා කර ඇතත් ජනාධිපතිවරයා ඊට එකග වී නැතැයිද සදහන්ය.

මේ හේතුවෙන් කරුණානායක මහතා නොසතුටට පත්ව සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය විශ්වාස භංගයේදී ඔහු ඇතුළු එජාප පිරිසක් අගමැතිට පක්‍ෂව ඡුන්දය දුන්නේ මෙම පොරොන්දුව මත බවටද වාර්තා පල විය.

63 views
Main News