ඇමතිකමක් නොදුන්නොත් සියදිවි නසාගන්නා බව අයෙක් කියලා..

December 29, 2019 at 6:22 am | lanka C news
ඇමතිකමක් නොදුන්නොත් සියදිවි නසාගන්නා බව අයෙක් කියලා..

නව ආණ්ඩුව මුලින්ම පත් කිරීමට සූදානම් වූයේ ඇමතිවරුන් දහදෙනකුගේ කැබිනට් මණ්ඩලයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

එම දහ දෙනා අතරට පැමිණීම සඳහා තියුණු සටනක් තිබුණු බව ද ඔහු සඳහන් කලේය.

ඇමති ධුරයක් නොලදහොත් ඇතැමුන් සියදිවි නසාගන්නා බව කී බවත් ඇතැමුන් හඬා වැටුනු බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

එම තත්ත්වය යටතේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ඇතිවී තිබූ පීඩනය යම් මට්ටමකින් හෝ අඩු කිරීම සඳහා තමන් ඇමතිදුරයක් අවශ්‍ය නැති බව දැනුම් දුන් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමයේ හෝමාගම ජන සභාව අමතමිනි.

158 views

7 Comments to “ඇමතිකමක් නොදුන්නොත් සියදිවි නසාගන්නා බව අයෙක් කියලා..”

  1. බන්ඩා says:

    එස් එම් චන්ද්‍රසේන බුද්ධිමතෙක්ද උගතෙක්ද වැඩකාරයෙක්ද? මුකුත් නැහැ නේද?

  2. ඩපයා says:

    හඬා වැටුන උනුයී මැරෙන්න හදපු උනුයී ඇමතිකන් ඉල්ලන්නේ මහජනතාවගේ සල්ලි වලින් උන්ට ගොඩ යන්න මිසක් මහජතාවට සේවය කරන්න නොවෙන බව ආයේ කියන්න උවමනාවක් නොමැත. මහමැතිවරනයෙදී අපෙන් යැපෙන්න බලන් ඉන්න කිසිම් කුසලතාවයක් නැති වැඩක් ඇත්තෙම නැති මේ පරපෝෂිත මැක්කන්ව සදහටම ගෙදර යැවිය යුතුමයී.

  3. Saradiel says:

    වසර 70 ක් අපේ රට ලෝකයට නයකාරයෙක් කෙරුවේ මේ නරුමයන් තමා කරුණාකර දේස පාලනයෙන් මුන් විසි ක‍රන්න

  4. sajitha says:

    aparade, ehema siyadivi nasa ganta hitiya un hoyala unta emati kam nodee intai thibune.

  5. Open mind says:

    එතකොට 10…15 කළේ සිය දිවි නසාගන්නා නිසා මිස හැකියාව බලා නොවේ ද? ජනතාවට ජලය දෙනු වෙනුවට ජල ගාස්තු වැඩි කරන්න යෝජනා කරන යල්පැන ගිය චරිත වගේ.

Main News