ඇමතිකමට කෙලවෙනවා නේදැයි අසද්දී රවීට ඩබල් මල පනී.. වැඩ නොකරන ඇමතිවරුන්ට බඩේ ගාය තිබ්බත් තමාට එහෙම නැතැයි කියයි..

February 6, 2017 at 12:23 am | lanka C news
ඇමතිකමට කෙලවෙනවා නේදැයි අසද්දී රවීට ඩබල් මල පනී.. වැඩ නොකරන ඇමතිවරුන්ට බඩේ ගාය තිබ්බත් තමාට එහෙම නැතැයි කියයි..

ජනාධිපති හා අගමැති ප්‍රමුඛව සම්මුති ආණ්ඩුවේ ප්‍රධානින් ජනාධිපතිගේ නිල නිවසේ සති අන්තයේ රැස් වූ බව අප මුලින්ම වාර්තා කල අතර ඒ සම්බන්ධව විද්යුත් මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ඊයේ ප්‍රවෘත්ති හරහා ලබා දුනි.

මෙම සාකච්ඡාවේදි දෙපාර්ශ්වයම රටේ ජනතාවගෙන් රජයට එල්ලවන දූෂණ චෝදනා සම්බන්ධව මෙන්ම ආන්දොලානාත්මක ඇමති සංශෝධනය ගැනද කතා කල බව එමගින් සනාථ කරන ලදී.

මෙහිදී රජයේ ඉහළින්ම සිටින බලවතෙක් සාකච්ඡා කිහිපයකදිම දන්වා තිබුණේ අනිවාර්යෙන්ම මුදල් අමාත්‍යාංශයේ වෙනසක් සිදුවන බවයි. එබැවින් මාධ්‍ය මේ සම්බන්ධව ඊයේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් කරුණු විමසන ලදුව ඔහු විසින් මාධ්‍ය වෙත තරමක් කේන්තියෙන් මෙන්ම උපහාසාත්මකව පිලිතුරු ලබා දෙන ලදී.

එයට මූලික හේතුව මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන ශ්‍රිලනිප අමාත්‍යවරුන් විසින් මුදල් ඇමතිවරයා සම්බන්ධ නොයෙකුත් දුක් ගැනවීලි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කොට තිබීමය.

එහෙත් ඇමතිවරයාගේ පිලිතුර වූයේ ගිය ආණ්ඩුවේ අපිව පරාජය කරන්න හිටපු අය අද ඇමති මණ්ඩලයේ සිට ප්‍රශ්න කරන බවත්, ඔවුනට ඕනැ විදියට තමන් මුදල් ලබා නොදෙන බවත් ඒගොල්ලනට තියෙන බඩේ අමාරුවට තමා උත්තර නොදෙන බවත් තමා වැඩ කරන්නේ ජනාධිපතිවරයාටයි අගමැතිවරයාටයි ඕන විදියට පමණක් බවත්ය.

අදාල වීඩියෝව මෙතනින්

6 views

2 Comments to “ඇමතිකමට කෙලවෙනවා නේදැයි අසද්දී රවීට ඩබල් මල පනී.. වැඩ නොකරන ඇමතිවරුන්ට බඩේ ගාය තිබ්බත් තමාට එහෙම නැතැයි කියයි..”

  1. asaranaya says:

    අනේ බොල කරුපයියා දන්න සින්හල, අම්මට ඩිජිටල් කරවා ගන්නේ නැතුව හැකර කට වහා ගනු.

  2. gorrila says:

    මේ චන්ද කල්දාන එක විශාල විනාශයක් බව පේනේ මට විතරද? ප්‍රජාතන්ත්‍රවාදය මෙහෙම වලදාන්න දෙන්න පුලුවන්ද? මේවට නඩු දාන්න උද්ගොෂනය කරන්න එකෙක්වත් නැද්ද?

Main News