ඇමතිකම්වලට ආස අය අපිව එලවා ඇමතිකම් ගන්න හදනවා..

November 3, 2021 at 3:20 am | lanka C news
ඇමතිකම්වලට ආස අය අපිව එලවා ඇමතිකම් ගන්න හදනවා..

ඇතැම් පොඩි අය ඇමතිකම් වලට ආසාවෙන් තමන් ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළවා දැමීමට හදන බව බලශක්තියක් උදය ගම්මන්පිල මහතා පවසයි.

යුගදනවි බලාගාරය සම්බන්ධ ඇති වී තිබෙන ප්‍රශ්නය ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මෙසේ සඳහන් කළේය.

‘සමහරු කල්පනා කරනවා වෙන්න පුළුවන් මේ කෑගහන අය යවා ගත්තොත් කරන වැරැද්ද තවත් වැඩියෙන් කරන්න පුළුවන් කියලා.

හැබැයි අපි දරන තනතුරු අවදානමකට ලක් කරලා තමයි මේ අරගලය කරන්නෙ.

මේ ගොල්ලෝ එලව ගත්තොත් අපිට ඒ අයගේ තනතුරු ගන්න පුළුවන් වෙයි කියලා හිතන අය අපිට යන්න කියන්නේ ඒකනේ.

රට අනතුරක් නම් ඒ අනතුර කරන්නේ කවුද කියන එක අදාලම නෑ කා අතින් වුණත් වැරැද්ද වැරැද්ද ම තමයි’

21,102 views

18 Comments to “ඇමතිකම්වලට ආස අය අපිව එලවා ඇමතිකම් ගන්න හදනවා..”

  1. සිංහල බන්ඩා says:

    ජනාධිපති තුමාගෙ පම්පෝරිය සහ ego trip එක අස්සෙ අගමැති තුමාගේ කාලෝචිත කතාව සහ යතාර්ථය පහදා දීම උද්ධච්ච මංත්‍රීලට තේරැනාද මන්දා.

  2. සහොදරය says:

    යුගදනවි බලාගාරය සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ ස්තාවරය කුමක්ද?
    මුකුත් නොදන්නා ආකාරයට කට්ටිය ගමට ගිහිල්ල .

    • harsha says:

      යුගදැනවි බලාගාරය නෙවෙයි ප්‍රශ්නය. ඔය කියන අමෙරිකන් සමාගමට ස්වභාවික ගෑස් සම්බන්ධයෙන් ඒකාධිකාරයක් ලැබෙන එක.

  3. Godaya says:

    අපෝ ඔයා ඇමැති කමින් යන්න එපා .ඔයා නැතුව රට දුවන්න බැහැ . කොච්චර රටට සේවය කරනවද ?

  4. nimal says:

    ඒකනේ ජනාධිපති තුමා අස්සයින්ට අං දීල නැත්තේ… ඒක තේරෙන්නෙ නෑනෙ මේ පශු පෙළටයි නාකි ඇමතිලටයි

  5. 3% ට බය බයියා. says:

    වෙනස ෂැපද ……………..

  6. 0.0069 MIN BIYYO says:

    යනවා කියා කියා ඉද්දි අපිට නන් තේරෙනවා full drama එකක් යන්නේ කියලා මෙතන. ඔච්චර රටට ආදරේ තියනවනන් මෙලහකටත් ආණ්ඩුවෙන් අයින් වෙලා. කුලියට කැහැ කැහැ ඉන්න ඕන නැහැ.

  7. Gamarala says:

    හොරු කියන නම එන්න කලින් අස්වෙන්න.