ඇමතිකම් අතහැර විපක්‍ෂයට යනවා.. රනිල්ට විරුද්ද වූ ශ‍්‍රිලනිප ඇමති පිරිස ජනපතිට ලිඛිතව දන්වති…

April 6, 2018 at 2:10 pm | lanka C news
ඇමතිකම් අතහැර විපක්‍ෂයට යනවා.. රනිල්ට විරුද්ද වූ ශ‍්‍රිලනිප ඇමති පිරිස ජනපතිට ලිඛිතව දන්වති…

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රිලනිප ඇමතිවරුන් සියළු දෙනා තමන් සියළු දෙනා ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට සූදානම් බවට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

තව දුරටත් ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගැනීමට සූදානම් නැති බවත් විපක්‍ෂයේ වාඩි වීමට අවස්ථාව දෙන ලෙසත් එම ලිපියෙන් ජනාධිපතිවරයාට දන්වා තිබේ.

විපක්‍ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බවද ලිපියේ සදහන් යයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඒ සදහා ජනාධිපතිවරයා ප‍්‍රතිචාරයක් දක්වා නැති බවද දැනගන්නට ඇත.

31 views

15 Comments to “ඇමතිකම් අතහැර විපක්‍ෂයට යනවා.. රනිල්ට විරුද්ද වූ ශ‍්‍රිලනිප ඇමති පිරිස ජනපතිට ලිඛිතව දන්වති…”

  1. Open mind says:

    ලජ්ජාව නැති නම් භාර ගන්න.

Main News