ඇමතිකම් ගන්න ශ්රීපනිපයේ යුද්දයක්.. පක්ෂයට හොරෙන් ගිහින් ඇමතිකම් ඉල්ලති..
May 19, 2022 at 12:02 am | lanka C news
ඇමතිකම් ලබාගෙන ආණ්ඩුවට එක්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් දැඩි අරගලයක් එම පක්ෂය තුළ කරමින් සිටියි.
නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්ප කුමාර, චාමර සම්පත් දසනායක, එම මන්ත්‍රී පිරිසයි.
ඔවුන් ජනාධිපතිවරයා හමුවී ඇමතිකම් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡාවක්ද කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් දන්වා ඇත්තේ කැබිනට් අමාත්‍ය ධුර දෙකක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර තුනක් පමණක් ලබා දිය හැකි බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වී ඇත්තේ ආණ්ඩුවට සහාය දිය යුතු වූවද කිසිසේත් ම ආණ්ඩුවේ අමාත්‍ය ධූරය ලබා ගත යුතු නැති බවය.
නමුත් මෙම මන්ත්‍රී පිරිසක් පක්ෂ තීන්දුවට පිටින් අමාත්‍ය ධුර ලබා ගැනීමට තීන්දු කර ඇතැයිද වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවට පිටින් තීරණ ගන්නා අයගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂය මේ වන විට සාකච්ඡා කරමින් සිටියි.
මේ අතර වාර්තා වන්නේ මීලගට දිවුරුම් දීමට නියමිත ඇමතිවරුන් පිරිස අතර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේද කිහිප දෙනෙකු දිවුරුම් දෙනු ඇති බවයි.
මේ නාකි හොරු ගෙදර යවන්නේ කවද්ද?
Onna thathwaya! Oya Cabinet posts illanne me rata godaganna misak kedara kamata nam nevei.Ane eththata!!!
රට ගිනි ගත්තත් මේ කාලකණ්නින්ට ඕන ඇමතිකම්. නොදකින්
කෘෂිකර්ම ඇමතිවරයෙක් මේ දක්වා පත්කර නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නැත.
Rata me thaththwayata path kale menna me wage deshapalana kalakanni thamai. Balayata thamange ammawath vikunai.
කැලෑ කපන ගොඩනැගිලිවලින් කොමිස් ගහන බොරුව ඇත්ත කරන කීප දෙනෙක් සහ වයසක සීය කෙනෙක් තව ටිකක් රට කන්න ඉල්ලනව.
Io Sirisena.
මහින්ද අමරවීර කියන්නෙ හැම ආණ්ඩුවකම ඇමති පට්ටම් ගත්ත කාලකන්නි දේශපාලන ගණිකාවක්…ඕකට ඔබන්න ඕනෙ ලොකු මෝල් ගහක්
වසර 74ක් රට විනාසයට පත් කලේ මේ සෙල්ලමයි. මුන් නැවත මැතිසබයට නොයා යුතුයි.
Play the all game. Idiots. Forget about portpolios.serve better way to survive the economy idiots. Otherwise go home