ඇමතිකම් බෙදාගන්න බැරිව ජංජාලයක්.. කැබිනට් සංශෝධනය අවුලෙන් අවුලට..

February 24, 2018 at 8:40 am | lanka C news
ඇමතිකම් බෙදාගන්න බැරිව ජංජාලයක්.. කැබිනට් සංශෝධනය අවුලෙන් අවුලට..

පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵලය අනුව සිදු කරන බව කී කැබිනට් සංශෝදනය මේ වන විට ඉතා අවුල් සහගත තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඉරිදා දිනයේ කැබිනට් සංශෝධනයක් වන බවට වාර්තා පල වුනද ජනාධිපති කාර්යාලය ඒ සදහා සූදානමක් නැති බවයි.

ජනාධිපතිවරයාද ඉරිදා දිනයේ පොලොන්නරුවේ යොදාගෙන ඇති රාජකාරියක් සදහා පිටත්ව යන බවද එකි ආරංචි මාර්ග සදහන් කරයි.

කැබිනට් සංශෝධනය දිගින් දිගටම කල් යමින් ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර අවසන් එකගතාවයක් මේ වන තෙක් ගොඩනැගී නැති නිසා බවද සදහන්ය.

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවන් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දැඩිව ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

කෙසේ වෙතත් හෙට දිනයේ වත්මන් ඇමති මණ්ඩලයේ සියළු දෙනාටම පැමිණෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දන්වා ඇත.

16 views

4 Comments to “ඇමතිකම් බෙදාගන්න බැරිව ජංජාලයක්.. කැබිනට් සංශෝධනය අවුලෙන් අවුලට..”

  1. Balagalle says:

    කවුරු නොදැන ගත්තත් රනිල් කියන්නේ ගල් ආදෙක්. රනිල්ට අවශ්‍ය රනිල්ටම රජ වීමට නොවේ. අනෙක් දේශපාලකයන් තමන් ගැන, තමන්ගේ පවුල ගැන හිතද්දී රනිල් හිතන්නේ බටහිර යටත්විජිත පාලනයට ලංකාව හසු කරන්නේ කෙසේද? යටත් විජිත වහල් දාස භාවයේ කවදුරටත් සිංහලයන්ව කොටුකරන්නේ කොහොමද කියා පමණයි. එයට හොදම ගෝලය සජිත් ප්‍රෙමදාස බව රනිල් දන්නවා. විජේවර්ධනාලාගේ, ජයවර්ධනාලාගේ, බණ්ඩාරනායකලාගේ, සේනානායකලාගේ ආරක්ෂාව තියෙන්නේ ලංකාව තවදුරටත් යටත් විජිත කොළණි ගොඩේ/ පොදු රාජ්‍ය මණ්ඩල ගොඩේ ලැග සිටිනවා දකින්නයි.
    සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, නවීන් දිසානායක, බුද්ධික පතිරණ, සුජීව සේරසිංහ, වසන්ත සේනානායක ,රන්ජන් රාමනායකලා මේ වැඩේ ටක්කෙයම කරනවා.
    ඒ නිසා රනිල් මැරැණත් රනිල්ගේ ආර්ථික, සංස්කෘතික ප්‍රතිපත්ති කරේ තබා ගෙන යන පිරිසක් ඉන්නා නිසා රනිල්ට නිසි ප්‍රශ්නයක් නැත.

    • මාතලේ බණ්ඩා says:

      යටත් විජිත පාලනයට ලංකාව හසු කරගන්නේ කෙසේද? අමිමප බං උඹවගේ මීහරකෙක් බලගල්ල

  2. Aurora says:

    2005 ජනාධිපති මැතිවරණයෙන් පසු පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙනවා කියා ප්‍රකාශකළ රනිල් වික්‍රමසිංහ යුරෝපයට ගියා. ආපසු ඇවිත් පක්ෂ නායකත්වයෙන් ඉවත්වෙන්නේ නැහැකියා අද වෙනතෙක් බටහිර න්‍යායපත්‍රය අනුව අපේ රට විනාශකරගෙන යනවා. ඒකට UNP, JVP,TNA, JHU සහ NGO බත්බැලයෝ 2014 වෙනකොට එකතුඋනා. එහි ප්‍රතිපලය සිරිසේන ජනාධිපති වී SLFP යත් ඒ ගොඩටම දමාගැනීම. රටේ වාසනාවට පොහොට්ටුව බලය පතුරනවා දේශප්‍රේමී ජනතා සහයෙන්. අපේ යුතුකම UNP, JVP,TNA, JHU,NGO බත්බැලයෝ සහ SLFP මළකඳට අවස්ථාව නොදී පොහොට්ටුව බලවත් කිරීමයි. ඒ සඳහා පළමුව පාර්ලිමේන්තුවේ 2/3 ද්‍රෝහීන්ට නැතිකරමු. ඊ ලඟට UNP හෝ SLFP පක්ෂවල සිටින බටහිර න්‍යායපත්‍රයට විරුද්ධ සියලුදෙනාම එකතුකරගනිමු. ඔවුන්ට අපේ කැමති අකමැතිකම් පාර්ලිමේන්තු චන්දයකදී විසඳාගනිමු. ප්‍රමාදවීම අපේ රට විනාශවීමට හේතුවයි.

    • Ale says:

      බටහිරට වෙන වැඩක් ඇත්තෙම නෑ. ලංකාව ගැන වද වෙනවට වඩා.

Main News