ඇමතිකම අතහැර විජේදාස පාර්ලිමේන්තුවේ පසුපෙලට..?
August 17, 2017 at 2:10 pm | lanka C news
අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඇමති ධුරයෙන් ඉවත් වූ පාර්ලිමේන්තුවේ පසුපස අසුනකට යනු ඇති බවට බැදුම්කර මංකොල්ලයෙන් උපයන ලද මුදල් ආයෝජනයෙන් ආරම්භ කර ඇතැයි චෝදනා එල්ල වන පුවත් පත වාර්තා කර ඇත.
විශ්වාස බංග යෝජනාව හා දිගින් දිගටම එල්ල වන බලපෑම් හේතුවෙන් විරේදාස ඇමතිවරයා මෙම තීරණය ගනු ඇති බවත් වාර්තාවේ සදහන්ය.
කෙසේ වෙතත් අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇත්තේ ඇමති විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් තීරණය කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බලය පැවරීමටයි.