ඇමතිනි විජයකලා යාපනයේ විද්‍යා දැරිය දුෂණය කර මරා දැමූ මහමොලකරු නිදහස් කරගෙන ගොස් නෑ..- රහස් පොලිසිය
August 23, 2017 at 3:50 pm | lanka C news
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් විදුලි කණුවක බැඳ ප්‍රදේශවාසීන් පහර දෙද්දී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස පමණක් ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිසියට දන්වා ඇති බවට රහස් පොලිසිය විසින් ඊයේ (22) කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්.රියාල් මහතා වෙතට දැනුම් දී ඇත.
ස්විස් කුමාර් නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදා හැර ඇතැයි ඇමැතිවරිය දැනගෙන ඇත්තේ ඊට පසු දින වේලනී ප්‍රාදේශීය සභාවේ පැවැති රැස්වීමකදී බව ද ස්විස්කුමාර් මුදා හැරීම පිළිබඳ පැමිණිල්ල ඊයේ කයිට්ස් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කොට ඇත.
ඊට අමතරව සැකකාර ස්විස් කුමාර් මුදා හැර ඇත්තේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ නිසා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යෑමේ හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙස හිටපු කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා මීට පෙර නියෝග කර තිබිණි.
පසුව ස්විස් කුමාර් නම් සැකකරු මුදා හැරීම සම්බන්ධ පැමිණිල්ල කයිට්ස් අධිකරණයේ විභාග කිරීමට හැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
එහිදී උප පොලිස් පරීක්ෂක ශ්රීජගන් විසින් ස්විස්කුමාර් අත්අඩංගුවට ගනු ලැබුවේ කයිට්ස් අධිකරණ බල සීමාවේදී බවත්, ඊට පාදක වූ විද්‍යා දැරිය ඝාතනය වී ඇත්තේ ද කයිට්ස් අධිකරණ බල සීමාවේ බවත්, එනිසා මෙම පැමිණිල්ල කයිට්ස් අධිකරණයේ විභාග කිරීමට කිසිදු බාධාවක් නැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.
මේ අතර සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය අනුව ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙසට රහස් පොලීසියට අධිකරණය විසින් නියෝග කිරීමෙන් පසුව ඇමිතිනියගෙන් අදාල ප්‍රකාශය ලබා ගත් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
එම ප්‍රකාශය අනුව විද්‍යා දැරිය ඝාතනයෙන් පසු ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු මත සැකකරුවන් කිහිප දෙනකුගේ නම් ඇමතිනි මහේෂ්වරන් මහත්මිය කයිට්ස් පොලිසියට ලබා දී ඇතැයි ද, ඉන් පසු දිනක ස්විස් කුමාර් අල්ලා විදුලි කණුවක බැඳ පහර දෙද්දී ඔහුට පහර නොදී පොලිසියට බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි ද, ඒ ගැන ඇය පොලිසියට ද දැනුම් දී ඇතැයි ද රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
2015 මැයි 13 වැනිදා යාපනය පුංකුඩිතිව් 09 වන පටුමග ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කොට තිබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අපි දන්නවා මේ තීන්දුව. මෙයා සියබලා ගෙනාවෙම නෑනේ නේද හිටන්…
තමන්ගේ පොලිස් ලොක්කව ඇතුලේ තියාගෙන දේශපාලනයට නැවෙන පොලිස් නීතිය, ලජ්ජි යකෝ
යමපාලනයට මේ එකෙක් කොටි මරාපු එකට හරියට හිතට අමාරුවෙලා අපේ සිංහලයන් 69.000 ක් මරාපු එකට මුන්ට ගානක් නැහැ
මුන්ටද අපි චන්දෙ දෙන්නේ?
හිතන්න පුළුවන්, කොටි කලා මොන වැරැද්දක් කලත් නිදහස් ..හිටන්ගේ බලපෑම තියනවනේ ….
අබුදස්ස කාලේ ලබුත් තිත්තළු රාළේ
විජය කලා ඔය වගේ වැඩ කරන්නෙ නැහැ.
ස්විස් කුමාර් ඔහු විසින්ම ගහක බැඳ ගනු ලැබීය.
පසුව විජය කලාගේ සාරියක් ඇඳ ගත් ස්විස් කුමාරගේ යාළුවෙක් පැමිණ ඔහු නිදහස් කර ගත්තේය.