ඇමතිලාට පරිවාර රථ දෙකක් පමණයි.. හය හත බෑ.. – ජනපති

November 30, 2016 at 11:20 am | lanka C news
ඇමතිලාට පරිවාර රථ දෙකක් පමණයි.. හය හත බෑ.. – ජනපති

ආණ්ඩුවේ ඇමතිවරුන් ගමන් බිමන් යාමේදී පරිවාර රථ දෙකක් පමණක් යොදා ගත යුතු යයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා දන්වා ඇත.

එම උපදෙස් නොතකමින් පරිවාර රථ වැඩි සංඛ්‍යාවක් අමාත්‍යවරුන් ගමන් කරන්නේ නම් ඒවා පරීක්ෂා කිරීමට පොලිස්පතිවරයාට නියෝග දෙන බව කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා පවසා තිබේ.

තමන් මෙම තීරණය ගත්තේ තමන්ට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් බවත් ඇතැම් අමාත්‍යවරුන් පරිවාර රථ හය හත පිරිවරා මාර්ග නීතිරීති කඩ කරමින් මාර්ගයේ ගමන් ගන්නා පැමිණිලි ලැබී ඇති බවත් පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී සියලූම අමාත්‍යවරුන් උපරිම ආරක්ෂක රථ 2ක් පමණක් භාවිත කරන උපදෙස් දී තිබේ.

45 views
Main News