ඇමතිලාට වාහන ගන්න තවත් පරිපූරකයක් පාර්ලිමේන්තුවට.. ජනපතිගේ නියෝගය කුණු කූඩෙට..
July 7, 2017 at 2:10 pm | lanka C news
මැති ඇමතිවරුන්ට, අමාත්‍යංශ ලේකම්වරුනට වාහන මිලට ගැනීමට, නිවාස අලුත්වැඩියා කිරීමට, විවිධ ක්ෂේත්රයන්ට අදාළ අතිරේක ප්‍රතිපාදන සැලසීම සදහා හදිසියේ මුදල් වෙන් කිරීම සදහා පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් වී ඇත.
විදේශ රටවල ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීමටද මෙමගින් මුදල් ඉල්ලා ඇත.
එසේ වුවත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කරන ලද්දේ 2017 වසර තුලදී මැති ඇමතිවරුන්ට, අමාත්‍යංශවලට අලුතින් වාහන ගෙන්වීම නතර කරන බවයි.