ඇමතිලාට වාහන ගේන්න කෝටි තුන්සීයයි.. කුණු කන්දට යටවී මියගිය 33ට ලක්ෂ 33යි..
May 7, 2017 at 4:40 pm | lanka C news
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් වාහන ගෙන්වීම සදහා පසුගිය මාස හයක කාලය තුලදී පරිපුරක ඇස්තමේන්තු මගින් රුපියල් කෝටි 300ක් වෙන් කරගෙන ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.
එම පක්ෂයේ ප්රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසන්නේ මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටී මිය ගිය 33 දෙනාට වන්දි ලෙස රුපියල් ලක්ෂ 33ක් දී ඇමතිවරුන්ට වාහන ගෙන්වීමට රුපියල් බිලියන තුනක මුදලක් වැය කිරීම ලැජ්ජා සහගත බවයි.