ඇමතිලාට වාහන ගේන්න 79 කෝටියක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්…
November 27, 2016 at 8:40 am | lanka C news
සභානායක ඇමති ලක්ෂමන් කිරිඇල්ල විසින් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට පරිපූරක අස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් ඇමතිවරුනට වාහන මිළදී ගැනීම හා තවත් කරුණු කිහිපයකට 79 කෝටි පහලොස් ලක්ෂයක මුදලක් අනුමත කරන්නැයි ඉල්ලා සිටියේය.
කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් ඇතුළු 28 දෙනෙකුට මෙසේ වාහන මිලදී ගැනීමට මුදල් අනුමැතිය ඉල්ලා ඇත.
කැබිනට් ඇමතිවරුන් 07 දෙනෙකු, රාජ්‍ය අමාත්‍යවරුන් 08 දෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ විපක්ෂ නායකවරයාද මෙම පිරිසට ඇතුලත්ය.