ඇමතිලාට කැලැන්ඩර් දිනපොත් බෙදන්න මහජන මුදල් කෝටි 74ක් වසරකට..

July 29, 2020 at 8:40 am | lanka C news
ඇමතිලාට කැලැන්ඩර් දිනපොත් බෙදන්න මහජන මුදල් කෝටි 74ක් වසරකට..

පුවත්පත් කාටූන් ශිල්පීන් දාස හපුවලානේ, එම් ඩී වීරරත්න, හසන්ත විජේනායක වගේ අය මන්ත්‍රීවරයා අදින්නේ බඩ මහත, කෛයිරාටික පෙනුමක් සහිත, ගොරහැඩි, පශ්ච කොටාපු අයෙක් විදියටයි. ඔවුන් නොකියා කියන්නේ දේශපාලනඥයා හොරෙක්, වංචාකාරයෙක්, තක්කඩියෙක්, මදාවියෙක් කියන එක යැයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර, කැකණදුරදී ප්‍රකාශ කළේය.

පසුගිය කොරෝනා කාලේ පුහුණු පොතේ තවත් පෝස්ටුවක් තිබුණ, ඔබ කොරෝනා රෝගියෙක් බව දැන ගත්තොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හමු වී උණුසුම් හාන්දක් වී ඊට පසු රෝහල් ගත වෙන්න කියල. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජනතා විරෝධය එල්ල වෙන්නේ එහෙම යැයිද ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් මාතර, කැකණදුරදී පැවති අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම මහතා මෙසේද කීය.

අගෝස්තු 05 වැනිදා මුල් කරගත් සාකච්ඡාවකටයි, අද ඔබ අප එකතු වී සිටින්නේ. මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේ 17 වැනි පාර්ලිමේන්තු මැතිවරණයයි. මීට පෙර අපි 16 වතාවක් මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගෙන තිබෙනවා. වසර 72 ක් පුරා තෝරාගත් මන්ත්‍රීවරයා පිළිබදව ජනතාව තුල දැඩි පිළිකුලක්, ක්‍රෝධයක්, වෛරයක් ඇති වෙලා තිබෙනවා.

අපේ පුවත්පත් කාටූන් ශිල්පීන් දාස හපුවලානේ, එම් ඩී වීරරත්න, හසන්ත විජේනායක වගේ අය මන්ත්‍රීවරයා අදින්නේ කොහොමද? බඩ මහත, කෛයිරාටික පෙනුමක් සහිත, ගොරහැඩි, පශ්ච කොටාපු අයෙක් විදියට. ඔවුන් නොකියා කියන්නේ දේශපාලනඥයා හොරෙක්, වංචාකාරයෙක්, තක්කඩියෙක්, මදාවියෙක් කියන එක.

පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ මන්ත්‍රීවරුන් 08 දෙනෙක් හිර වුණා. පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් ආසන්නයේ 4.45 පමණ මේ සිද්ධිය වුණේ. විනාඩි 15 කට පමණ පස්සේ පාර්ලිමේන්තු සේවකයෙක් ලිෆ්ට් එකේ දොර කඩල මන්ත්‍රීවරුන් 08 දෙනා එළියට ගත්තා. මේ පාර්ලිමේන්තු සේවකයා සමස්ථ පාර්ලිමේන්තුවම සැලකුවේ වීරයෙක් විදියට. කතානායක තුමා විශේෂ ස්තුතියක් පවා කලා. නමුත් ඊට පසුවදා මුහුණු පොතේ තිබුණේ මේ පාර්ලිමේන්තු සේවකයා ප්‍රසිද්ධියේ වෙඩි තියල මරල දාන්න ඕනෑ කියල.

පසුගිය කොරෝනා කාලේ පුහුණු පොතේ තවත් පෝස්ටුවක් තිබුණ, ඔබ කොරෝනා රෝගියෙක් බව දැන ගත්තොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හමු වී උණුසුම් හාන්දක් වී ඊට පසු රෝහල් ගත වෙන්න කියල. මම ඒක ශෙයා කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට ජනතා විරෝධය එල්ල වෙන්නේ එහෙමයි. වසර 72 ක් වපුරල දේශපාලනඥයා ගෙට ගත්ත අස්වැන්නයි, මේ.

ඉතිහාසය පුරාම අපේ රටේ සෑම ජනවාරී මාසයකම කැලැන්ඩර්, ඩයරි ගහනවා. අළුත් අවුරුදු සුභ පැතුම් පත් යවනවා. මහජන මුදලින් සුභ පැතුම් පත් යවන, කැලැන්ඩර් ඩයරි බෙදන දේශපාලනඥයෝ ඉන්නේ අපේ රටේ විතරයි. මේ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 740 ක් වැය කර තිබෙනවා. පසුගිය ජනවාරියේ ඒ දැවැන්ත මුදලම රටට ඉතිරි කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු ගන්නේ එහෙමයි.

මෙරට ජාතික පැසැල් පද්ධතිය 373 යි. එය පළමු වටයේ 500 ක් කරන්න සැලසුම් කර තිබෙනවා. ජාතික පැසැල් ප්‍රමාණය 127 කින් වැඩි වෙද්දි ජාතික පැසැලක් නැති සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ජාතික පැසැලක් ලැබෙනවා. දෙවන වටයේදී මේ ජාතික පාසැල් ප්‍රමාණය 1000 ක් දක්වා වැඩි කරනවා. එවිට ඔබේ ප්‍රදේශයේ තලල්ල (උතුර) මහා විද්‍යාලයත් ජාතික පැසැලක් බවට පත් වෙනවා. මගේ පියා පවා ගුරුවරයෙක් ලෙස සේවය කල එම විදුහල ඉහළට ඔසවා තැබීම පෞද්ගලිකව මගේ ජීවිතයටත් වැදගත්.

මම, මෙතනට ආවේ මනාප ඉල්ලන්න නොවෙයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට රට ගොඩ නගන්න, එතුමාට ශක්තියක් වෙන මිනිස්සු පාර්ලිමේන්තු යවන්න කියන්නයි. ගෝඨාභය මහත්තයගේ අඩි පාරේ යන කාට ඡන්දය දුන්නත් එය මට ලබාදුන් ඡන්දයක් ලෙස මා සලකනවා යැයි ද ඩලස් අලහප්පෙරු මහතා ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

371 views

5 Comments to “ඇමතිලාට කැලැන්ඩර් දිනපොත් බෙදන්න මහජන මුදල් කෝටි 74ක් වසරකට..”

  1. යොවුන් රාණි says:

    ඔවා මොනාද මේ එකෙක් පත් කරන්න විතරක් කෝටි 8 විතර ඉලක්ෂන් එකට විතරක් වියදම් කරනකොට. ලංකාවේ කවුද අනේ අතින් කාලා හරක් බලන්න පාර්ලිමේන්තු එන්නේ. අපේ පැත්තේ ඉන්න එවුන් ගේ ඡන්දෙ කෑම්පන් වියදම කෝටි 5 යි කෝට් 6 යි. ඉතින් ඔය වගේ දෙගුණයක් වත් කඹුර ගන්න එපැයි. ආප්ප කඩය ක් දැම්මා ත් මාසෙකට රූ ලක්ෂයක් එක හමාරක් හම්බ කරන අපේ අය්යලා ඉන්න රටේ මනුස්ස කම කියන එක විකුණලා ගොඩක් කල්.

    • තුන්වෙනි පක්ෂය says:

      සහතික ඇත්ත, ඕව කතා කරන්න ඕනෙ අපි නෙවේ, පාර්ලිමේන්තුවේ ඉන්න තුන්වෙනි පක්ෂය.
      රටට ආදරේ තුන්වෙනි පක්ෂයක් තිබ්බ නම් ඔවුන් නිවැරදි පක්ෂය සමග ආණ්ඩු පිහිටුවනවා.
      ආණ්ඩුව වැරදි වැඩක් කල ගමන් තුන්වෙනි පක්ෂය ආණ්ඩුවේ අස් වෙලා ආණ්ඩුව පෙරලන බවට තර්ජනය කරණවා. මෙදා සැරේ වත් නිවැරදි තුන්වෙනි පක්ෂයක් ආවොත් රටට හොදයි.

      තුන්වෙනි පක්ෂයේ වගකීම ජෙප්පන්ට කරන්න බැහැ කියලා ඔප්පු උනා.
      මහා බැංකු වංචාව කරාමත් ජෙප්පෝ ආණ්ඩුවෙන් ඉවත් උනේ නෑ. ආණ්ඩුවට සහය දුන්නා.
      පාස්කු බෝම්බ ගැහුවයින් පස්සෙත් ජෙප්පෝ ආණ්ඩුවෙන් ඉවත් උනේ නෑ. ආණ්ඩුවට සහය දුන්නා.
      සමාජවාදී දර්ශණය කුමක් උවත් ජවිපෙ ඉන්න සෙට් එකට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නෑ. අපේ චන්ද අපතේ යාමක් පමණයි.

      • පානුසිකා says:

        තුන නැති තුන්වන පක්සය අතුගැවී ගොමගෑවි පුංචි අම්මාට හැම නී ගොසිනි

        නැතිවූ තුනත් නැතිවූ ඇපත් පමනක් ඉතිරි වනු ඇත

  2. Baila King says:

    Baila Chakrawarthi!

  3. Spice says:

    Absolutely waste of money in this digital world. They have their smart phones with them 24×7. So why do they want a diary? PM should stop this this utter wastage.

Main News