ඇමතිලා තුන්දෙනාගේ බලපෑම් වැඩිවේ.. නියෝජ්‍ය-රාජ්‍ය ඇමති හයක් අස්වෙන්න යයි.. මාධ්‍ය කැදවයි..

May 20, 2017 at 3:00 pm | lanka C news
ඇමතිලා තුන්දෙනාගේ බලපෑම් වැඩිවේ.. නියෝජ්‍ය-රාජ්‍ය ඇමති හයක් අස්වෙන්න යයි.. මාධ්‍ය කැදවයි..

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමාත්‍යවරුන් තිදෙනෙකුගේ බලපෑම් මත ඇමතිවරුන් 06ක් දෙනෙකු සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමට සූදානමක් ඇති බවට වාර්තා පල වෙයි.

ගිය සතියේ මෙම පිරිස ඉල්ලා අස්වී මාධ්‍ය හමුවක් පැවැත්වා රහස් රැසක් හෙලි කිරීමට සූදානමින් සිටියද ආණ්ඩුව සම්බන්ධ භික්ෂූ පෙරමුණක් මැදිහත් වී එය වළක්වා ගෙන තිබේ.

තමනට නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති තනතුරු ඇතත් කැබිනට් ඇමතිවරුන් තිදෙනෙකු හේතුවෙන් ඛිසිදු වැඩක් කර ගැනෑමට නොහැකිව කලකිරීමෙන් සිටින්නේ යයි මෙම හය දෙනා දැනටත් පක්ෂ නායකත්වයට දන්වා ඇත.

මේ දක්වා ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා කණස්සල්ලෙන් මෙම පිරිස තනතුරුවලන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින්නේ යයිද වාර්තා වෙයි.

30 views