ඇමතිවරයෙක් නිල වාහන 06ක් පදී…
January 23, 2021 at 11:20 am | lanka C news
කැබිනට් මණ්ඩලයේ එක් අමාත්‍යවරයකු විසින් නිල වාහන හයක් භාවිතා කරමින් ඇතැයි වාර්තා වෙයි.
නිල වශයෙන් හිමි වාහන වලට අමතරව අමාත්‍යාංශයෙන් වෙනත් කටයුතු සඳහා වෙන් කරන ලද ඒවා එසේ භාවිත කරන බව සදහන්ය.
එමෙන්ම තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකු ද නිල වාහන ලෙස වාහන හයක් භාවිතා කරමින් ඇතැයිද සඳහන්ය.
එසේ තිබියදී ඇතැම් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පැරණි වාහන පාවිච්චි කරමින් සිටින බවද දැනගන්නට ඇත.
එම වාහන අඩුපාඩු සහිත අමාත්‍යවරුන්ට ලබාදීම සඳහා වැඩිපුර භාවිතා කරන ඇමතිවරුන්ට ඒවා රජයේ සංචිතයට බාර දෙන්නැයි දැන්වුවද එය මෙතෙක් සිදු කර නැතැයි ද වාර්තා වෙයි.
Sir will take immediate action on this
රථ ගාය