ඇමතිවරයෙක් බීමතිත් මැදියම් රැයේ රුවන්මැලි පුදබිමට පැන යකා නටලා.. පොලිස් නිලධාරීන් නාහිමියන්ට පැමිණිලි කරයි..

December 7, 2020 at 9:57 pm | lanka C news
ඇමතිවරයෙක් බීමතිත් මැදියම් රැයේ රුවන්මැලි පුදබිමට පැන යකා නටලා.. පොලිස් නිලධාරීන් නාහිමියන්ට පැමිණිලි කරයි..

රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් රුවන්වැලි සෑ භූමියේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

මෙම සිදුවීම පිලිබදව එම පොලිස් නිලධාරීන් විසින් තමන් වහන්සේට දැනුත් කලේ යයි රුවන්වැලිමහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝද සදහන් කර ඇත.

කෙසේ නමුත් තමන් වහන්සේ එකී සිදුවීම සියැසින් නොදුටු නිසා ඒ ගැන කිසිවක් කීමට නොහැකි බවත් සදහන් කර ඇති නාහිමියන් එවන් සිදුවීමක් වුයේ නම් ඒ පිළිබඳව පරීක්‍ෂණ කර නීතිය ක‍්‍රියාත්මක කල යුතු යයි පොලිසියට දැනුම් දුන් බවත් පවසා ඇත.

පසුගිය 05 වැනිදා මධ්‍යම රාත‍්‍රිය ආසන්නයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර මහනුවර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය ඇමතිවරයා බීමතිත් තම පවුලේ සාමාජිකයන් හා ආරක්‍ෂකයන්ට රුවන්මැලි සෑ භූමියට ඇතුලු වීමට අවශ්‍ය බව දන්වා ඇත.

නමුත් රාත‍්‍රි 10.00ට එම පූජා භූමිය වසා දමන නිසා ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බව පැවසීම නිසා මෙම ගැටුම්කාරී තත්වය හටගෙන ඇතැයිද සදහන්ය.

98,945 views

21 Comments to “ඇමතිවරයෙක් බීමතිත් මැදියම් රැයේ රුවන්මැලි පුදබිමට පැන යකා නටලා.. පොලිස් නිලධාරීන් නාහිමියන්ට පැමිණිලි කරයි..”

  1. kamal says:

    බොරැ සුද්ද කිරිලි අපි ලග නෑ ලොක්කා වැඩෙි වැරදි නමි වැරදි ඒ රොඩි ගතිය තියෙන්නේ ජවිපාවෝ ලග මචං මතකනේ ලපගේ කොමිසන් කතාව

  2. අජානීය ඉස්කූටර් says:

    හීනියට විස්කි ෂොට් එකක් ගහලා ලාවට හිත රත් කරගෙන , දෙපාවලට හොඳින් මැදුනු සීතල සලපතල මළුවේ දිගාවෙලා … තිසා වැවේ ජලස්කන්ධය සිපගෙන හමන සිහිල් සුළං පොදක් ඇඟ තවරාගෙන… කෙමෙන් කෙමෙන් බැසයන සඳ දිහා ඒ හිමිදිරියේ බලන් ඉද්දි… හිතට දැනෙන ඉමිහිරි මිහිරියාව…. මේ ඉරිසියාකාර හැත්තට තේරුම් කරන්නේ කොහොමද අපේ හාන්දුරුවනේ..

  3. Puta says:

    These idiots are now desecrating sacred places of worship as well. Bloody assholes can’t just stop only by destroying the country. Go to hell …

Main News