ඇමතිවරුන් පත් කළ හැක්කේ 28යි. ජාතික ආණ්ඩුවකට ඉඩක් නෑ…
December 18, 2018 at 8:40 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තිය අනුව ඇමති මණ්ඩලයේ ජනපති අගමැති ඇතුළුව ඇමතිවරුන් පත් කළ හැක්කේ 30යි. ඒ කියන්නේ පත් කළ හැකි උපරිම ඇමතිවරුන් ගණන 28යි. අපි 28ක් වෙනුවට 27ක් පත් කරලා ඒ පිළිබඳ ආදර්ශයක් දුන්නා. වසන්ත සේනානායක ඇමතිතුමා විපක්ෂයට ගියාම ඇමතිවරු ගණන 26ට බැස්සා. ඒත් අපි නව ඇමතිවරුන් පත් කලේ නෑ.
දැන් එජාපය ඉන්නේ අර්බූදයක. සමහර ජ්‍යෙෂ්ඨයින් පක්ෂය අත්හැර යෑම වලක්වා ගත්තේ ඇමති තනතුරු ලබා දෙන බවට පොරොන්දු වෙලා. ඒ වගේම අර්බූදයේ දී ක්‍රියාකාරිව කටයුතු කළ නියෝජ්‍ය ඇමතිවරුත් ඇමති ධූර බලාපොරොත්තු වෙනවා. මේ අතරේ දෙමළ සංධානය මත රැඳුන ආණ්ඩුවක් නොවේ කියා රටට පෙන්වන්න නම් සංධානයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් ඇමති ධූර පූජා කරලා ආණ්ඩුවට ගන්න වෙනවා. මේ සියල්ල කරන්න තිබෙන්නේ ඇමති ධූර 28යි. ඒ නිසා මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රිවරයා සමග එකතු වෙලා ජාතික ආණ්ඩුවක් සැකසීමේ සූදානමක් තිබෙන බවට අපට වාර්තා වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(5) වගන්තිය අනුව වැඩිම මන්ත්‍රි ධූර ගණන ගත් දේශපාලන පක්ෂය විසින් අනෙකුත් දේශපාලන පක්ෂ සමග එකතු වීමෙන් තමයි ජාතික ආණ්ඩුවක් හැදෙන්නේ. මෙතැන පක්ෂයක් වෙනුවට පක්ෂ ලෙස සඳහන් වන නිසා එජාපයට මුස්ලිම් කොංග්‍රසයේ අලි සහිර් මවුලානා මන්ත්‍රිවරයා සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හදන්න බෑ. ඒ සඳහා අවම වශයෙන් තවත් එක පක්ෂයක් එකතු කර ගන්න වෙනවා.
මේ පිළිබඳ අධිකරණයට ගිහින් වැඩක් නෑ. පාර්ලිමේන්තු ක්‍රියාදාමයට අපට මැදිහත් වෙන්න බෑ කියලා මීට පෙර පැවැති ජාතික ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය පෙත්සම්කරුවන්ට අධිකරණය කිව්වා. මේ නිසා මැතිවරණ පොරොන්දු කඩ කරමින් ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඇමතිවරුන් 28කට වඩා දිවුරුම් දෙන්න එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.
– අරවින්ද අතුකෝරල
නැහැ 27 යි..ජනාධිපති ගාව ඇමති 3ක් තියෙනවා….තව 27 යි…පුලුවන්….අවශ්‍ය නම් 129 යටතේ ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් මතය විමසන්න…
ජනාධිපති ට ඇමතිකම් 03ක් ඇති නිසා තව ඇමති කම 27 යි…
2020 පත්වන ජනාධිපති ට එක් අමත්යාංශයක්වත් නෑ.. කොහොමද 19?…..!
කතානයක කියල තියෙනව එක් පක්ෂක් වුණත් ඇති කියල…එදා මෛත්‍රී ට කතානායකවරයා හරි..අද වැරදිද?
muge heti wiyharak chik
mehew go kathanyakye loweth naha………….. naha