ඇමතිවරුන් පරදා PBට ජයක්.. මහජන උපයෝගිතා කොමිසමේ සියළු දෙනා ඉල්ලා අස්වෙයි…

December 9, 2020 at 8:40 am | lanka C news
ඇමතිවරුන් පරදා PBට ජයක්.. මහජන උපයෝගිතා කොමිසමේ සියළු දෙනා ඉල්ලා අස්වෙයි…

මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඉල්ලා අස් වූ බව එම කොමිසමේ සාමාජික අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

ඊයෙ දිනයේ එහි සාමාජිකයන් සියලු දෙනාගෙන් ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදුන් බව ඔහු සඳහන් කළේය.

ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් එම කොමිසම අහෝසි කර දමන ලෙස මහා භාණ්ඩාගාර ලේකම් වරයාට යොමු කරන ලද ලිපියක් හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය දැක්වීය.

ඔවුන්ගේ අදහස වූයේ ජනාධිපති ලේකම්ගේ ලිපියෙන් එය අහෝසි කළ නොහැකි බවත් පාර්ලිමේන්තු පනතකින් පමණක් එය අහෝසි කළ හැකි බවත්ය.

කෙසේ වෙතත් මෙම කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීම මත සම්පූර්ණයෙන්ම කොමිසම අකර්මණ්‍ය වේ.

51,822 views

15 Comments to “ඇමතිවරුන් පරදා PBට ජයක්.. මහජන උපයෝගිතා කොමිසමේ සියළු දෙනා ඉල්ලා අස්වෙයි…”

  1. king says:

    LTL එක ඇතුලේ කෙරුන ජාවාරම් ගැන හොයන්න එකෙක් නැ
    අත් දෙක වන වනා Lanka Transformers එකේ රස්සාව ට ආව එවූන් Lanka Transformers එක අයිති කර ගෙන
    රාජ්‍ය සමාගමක් වනLanka Transformers , පුද්ගලික සමාගමක් විදියට ලියා පදිංචි කරේ කොහොමද
    පී. බී. ලොක්කත් ඔය ජාවාරම අස්සේ ඉන්නවා

    • UD Jayantha says:

      පස්ස පැත්තට එකක් වැදිල රස්සාවෙන් දොට්ට පිලට වැටිච්ච එකෙක් ඇල්ටීඇල් එකට මඩ ගගහා වටේ යනෝ. අපි භය නෑ ඩෝ…

  2. saman says:

    ආර්ථික ඝාතකයා කවුද?????????????

Main News