ඇමතිවරුන් ශ්‍රේණිගත කරන දර්ශකයක්…

July 15, 2020 at 8:32 am | lanka C news
ඇමතිවරුන් ශ්‍රේණිගත කරන දර්ශකයක්…

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“වැඩ කරන අපේ මිනිසා” යන විරුදාවලිය ලත් ජනාධිපතිතුමා යටතේ වැඩ කරන ඇමති මණ්ඩලයක් පත් වේවි කියන බලාපොරොත්තුවක් ජනතාව තුල තිබෙනවා. ඇමතිවරු වැඩ කරන්නත් ඕනෑ. වැඩ කරන බව ජනතාව දැන ගන්නත් ඕනෑ. වැඩ බැරි ඇමතිවරුන්ට තනතුරු අහිමි වෙන්නත් ඕනෑ. ඒ නිසා ඇමතිවරුන්ගේ කාර්ය සාධනය මැන ඒ අනුව ඔවුන් ශ්‍රේණිගත කරලා මාස තුනකට වරක් ප්‍රසිද්ධ කරන දර්ශකයක් සැකසිය යුතු බවට මම යෝජනා කරනවා.

යම් ඇමතිවරයෙකු පස් වතාවක් දර්ශකයේ අන්තිමයා වෙනවා කියන්නේ අන්තිමයා වී වසරක් ගත වුණත් නිවැරදි වීමට පියවර අරගෙන නෑ කියන එකයි. ඒ නිසා පස් වරක් අඛණ්ඩව අන්තිමයා වෙනවා නම් ඒ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් ජනාධිපති විසින් ඔහු ඉවත් කිරීමට පියවර ගත යුතුයි.

ඇමතිවරුන්ගේ කාර්ය සාධනය මැනීම සඳහා ප්‍රාග්ධන ප්‍රතිපාදන වැය කිරීම, පුනරාවර්තන ප්‍රතිපාදන වැය කිරීම, මහජන ගැටළු ක්ෂණිකව විසඳීම, නිලධාරින් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, විගණන විමසුම් සඳහා නිසි කළට පිලිතුරු සැපයීම, පාර්ලිමේන්තුවේ අසන වාචික ප්‍රශ්න සඳහා පිලිතුරු සැපයීම, පුරප්පාඩු පිරවීම, මහජන දින පැවැත්වීම, පාර්ලිමේන්තු පැමිණීම, තමන්ගේ විෂයට අදාළ පාර්ලිමේන්තු විවාද වලට සහභාගි වීම, තමන්ගේ විෂයට අදාළව මාධ්‍ය මතු කරන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම වැනි නිර්ණායක පදනම් කර ගන්න පුළුවන්. මේ සඳහා නව නිර්ණායක යෝජනා කරන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

272 views

29 Comments to “ඇමතිවරුන් ශ්‍රේණිගත කරන දර්ශකයක්…”

  1. kawinda says:

    People will appreciate this idea. Aii the ” weda beri daasalaa” will go home cursing. ha..ha..ha…

    • Amaris says:

      මහ මැතිවරනයේදී කැබිනට් මංඩලය පත්කිරීමේ වගකීම ජනාධිපති යටතට ගත යුතුයි. ගොටාබය මහතයට චන්දය දුන් අති බහුතරයක් කනස්සල්ලට පත්ව ඇත්තෙ මේ කැබිනට් එක පත් කිරීම ගැනයි. අගමැතිට හිතවත් නූගත් පට්ට හොරුන්ට ආර්‍රතික මරමස්තා බාර දීම ඉතාම බයානකයි. උදාහරන ගත්තොත් ජොනීල ප්‍රසන්නලාට සුපිරි කැබිනට් ඇමති දූර ලැබුනේ කෙසේද යන්නයි. එකම ඔහුන්ට ඇති එකම සුදුසුකම හොරකම මැරකම පමනයි .මුදල් අමාත්‍ය දූරය අනිවාර් යෙන්ම ජනාධිපති යටතට ගත යුතුයි. නැත්නම් වියත් මගේ සම්බාවනීය පුද්ගලයෙකුට පිරිනැමිය යුතුයි.

  2. RAW Agent says:

    good attempt

  3. Neil says:

    Good suggestion!!! Appreciated. But we are Sri Lankan’s. Is this a dream??????

  4. Chandrajith says:

    Great idea ! Hon. President please make this happen…

  5. Chinthana says:

    Excellent “periodic appraisal Chart”

  6. රටවැසි says:

    වෙනව නම් වෙන්න ඕන ඔය වගේ ඒව තමයි . අවාසනාවට නොවෙන්නෙත් ඕකම තමා .

  7. Ragama man says:

    For assessment have to put honest and straight officers. Otherwise better ones will go home and shit will come up. Dont forget narcotic officers had done drug dealing. Sad situation.

  8. ExUNPer says:

    This is a must.
    If we implement this they can’t cheat people.
    This will be a big turning point bro.

  9. Aruna says:

    Great idea, they should be given proper KPIs.

  10. Justin says:

    Day dreaming. This is srilanka. No KPI needed. Only KPI is venerating and singing praise to the leader.

Main News