ඇමතිවරුන් ශ්‍රේණිගත කරන දර්ශකයක්…

July 15, 2020 at 8:32 am | lanka C news
ඇමතිවරුන් ශ්‍රේණිගත කරන දර්ශකයක්…

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“වැඩ කරන අපේ මිනිසා” යන විරුදාවලිය ලත් ජනාධිපතිතුමා යටතේ වැඩ කරන ඇමති මණ්ඩලයක් පත් වේවි කියන බලාපොරොත්තුවක් ජනතාව තුල තිබෙනවා. ඇමතිවරු වැඩ කරන්නත් ඕනෑ. වැඩ කරන බව ජනතාව දැන ගන්නත් ඕනෑ. වැඩ බැරි ඇමතිවරුන්ට තනතුරු අහිමි වෙන්නත් ඕනෑ. ඒ නිසා ඇමතිවරුන්ගේ කාර්ය සාධනය මැන ඒ අනුව ඔවුන් ශ්‍රේණිගත කරලා මාස තුනකට වරක් ප්‍රසිද්ධ කරන දර්ශකයක් සැකසිය යුතු බවට මම යෝජනා කරනවා.

යම් ඇමතිවරයෙකු පස් වතාවක් දර්ශකයේ අන්තිමයා වෙනවා කියන්නේ අන්තිමයා වී වසරක් ගත වුණත් නිවැරදි වීමට පියවර අරගෙන නෑ කියන එකයි. ඒ නිසා පස් වරක් අඛණ්ඩව අන්තිමයා වෙනවා නම් ඒ ඇමතිවරයා ඉල්ලා අස්විය යුතුයි. නැතිනම් ජනාධිපති විසින් ඔහු ඉවත් කිරීමට පියවර ගත යුතුයි.

ඇමතිවරුන්ගේ කාර්ය සාධනය මැනීම සඳහා ප්‍රාග්ධන ප්‍රතිපාදන වැය කිරීම, පුනරාවර්තන ප්‍රතිපාදන වැය කිරීම, මහජන ගැටළු ක්ෂණිකව විසඳීම, නිලධාරින් සමග සහයෝගයෙන් කටයුතු කිරීම, විගණන විමසුම් සඳහා නිසි කළට පිලිතුරු සැපයීම, පාර්ලිමේන්තුවේ අසන වාචික ප්‍රශ්න සඳහා පිලිතුරු සැපයීම, පුරප්පාඩු පිරවීම, මහජන දින පැවැත්වීම, පාර්ලිමේන්තු පැමිණීම, තමන්ගේ විෂයට අදාළ පාර්ලිමේන්තු විවාද වලට සහභාගි වීම, තමන්ගේ විෂයට අදාළව මාධ්‍ය මතු කරන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම වැනි නිර්ණායක පදනම් කර ගන්න පුළුවන්. මේ සඳහා නව නිර්ණායක යෝජනා කරන මෙන් මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

– අරවින්ද අතුකෝරල

264 views

29 Comments to “ඇමතිවරුන් ශ්‍රේණිගත කරන දර්ශකයක්…”

  1. Liyanage says:

    The best idea that has been ever created by a national stream politician after Independence. We salute you sir and hope it will not be just another imagination. Please follow up after the election as present President will definitely put that into practice.

  2. thilina jayasinghe says:

    Very good idea

  3. gramaya says:

    කවුරු ජනාධිපති උනත් කවුරු අගමැති උනත් 75% ක් හොරුන්ට තමයි ඇමති කම් ලැබෙන්නේ. යූ ඇන් පී කාරයෝ ටයි කෝට් ඇදන්, අනිත් කට්ටිය සරම් ඇදන් හොරකම් මැර කම් කරනවා.

  4. රටවැසි says:

    වෙනව නම් වෙන්න ඕන මේව තමයි . ඒත් අවාසනාවට නොවෙන්නෙත් ඒකමයි . නඩුත් හමුදුරුවන්ගෙ බඩුත් හමුදුරුවන්ගෙ , නේ .

  5. Rata says:

    Yes… It is very good. Excellent idea.

  6. neil says:

    Bravo. Whole heartily agree

  7. Real JVP says:

    Excellent idea !!!
    Dear President – Please implement this suggestion for the betterment of the country.

  8. Upul Shantha says:

    Good Idea Hon. but after election what to do!

  9. හෙලයකා says:

    මම තව යෝජනා ටිකක් කරන්නම්.

    ආරම්භ කර අවසන් කළ නව ව්‍යාපෘති සංඛ්‍යාව
    පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ධවල පත්‍රිකා සංඛ්‍යාව
    තම අමාත්‍යංශයේ සිදු කළ අධීක්ෂණ සංඛ්‍යාව
    සිදු කළ ව්‍යාපෘති අධීක්ෂණ සංඛ්‍යාව
    නිත්‍යානුකූළව ඔප්පු කරන ලද චෝදනා සංඛ්‍යාව (ලකුණු වැඩි සංඛ්‍යාවක් අඩු කළ යුතුය)
    කළහාකාරී හෝ වෘත්තීමය නොවන හැසිරීම් සංඛ්‍යාව (හැන්සාඩ් වාර්තා අනුව) (ඍණ ලකුණු ලබා දිය යුතුය)

Main News