ඇමතිවරු වැඩි අඩු කළ හැක්කේ ජනපතිට පමණයි.. ඇමතිලා 05ක් දක්වා වුවද අඩු කල හැකියි..
February 7, 2019 at 6:48 pm | lanka C news
විපක්ෂයේ මාධ්‍ය හමුව අමතමින් පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය.
ඇමති ධූර ගණන 48 දක්වා වැඩි කරගෙන එජාප පසුපෙලට අවුරුදු තෑගි බෙදන්න එජාප නායකයෝ මේ දිනවල සිහින දකිනවා. මේ අය හිතාගෙන ඉන්නේ ඇමතිධූර 48 දක්වා වැඩි කිරිමේ යෝජනාවක් සම්මත කරගත්ත පමණින් ඇමතිධූර වැඩිකර ගන්න පුළුවන් කියලයි. මේ වන විට යෝජනාව බාරදී තිබෙනවා.
බොහෝ දුරට පෙබරවාරි 20 වෙනිදා න්යායපත්රයට ඇමතිධූර වැඩි කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් ව්‍යවස්ථාවට අනුව ඇමතිවරු ගණන වැඩි කරන්න පුළුවන් ජනාධිපතිට විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වගන්තියෙන් ඇමතිවරු ගණන තීරණය කිරීමේ බලය ජනපතිට පවරලා තිබෙනවා. නමුත් 46(1) වගන්තියෙන් පත් කළ හැකි උපරිම ඇමතිවරු ගණන 30කට සීමා කරලා තිබෙනවා. ඒ කියන්නේ ජනාධිපතිට පත් කළ හැකි උපරිම ඇමතිවරු ගණන 30යි. නමුත් කැමති නම් ඊට වඩා අඩුවෙන් පත් කළ හැකියි.
ජාතික ආණ්ඩුවක් හදලා ඇමතිවරු ගණන 48 දක්වා වැඩි කරන්න යෝජනාවක් සම්මත කරන්න පාරලිමේන්තුවට පුළුවන්. නමුත් ඇමතිවරු ගණන 48 දක්වා වැඩි කරන්න කියලා ජනාධිපතිට බල කරන්න කාටවත් බෑ. පාරලිමේන්තුව යෝජනාව සම්මත කළාට පස්සේ ජනාධිපතිට කැමති නම් 48 දක්වා ඇමතිවරු වැඩි කරන්නත් පුළුවන්. ඉන්න 30ම තියා ගන්නත් පුළුවන්. කැමති නම් 5ක් දක්වා අඩු කරන්නත් පුළුවන්.
පාරලිමේන්තු යෝජනාව අනුව ඇමති මණ්ඩලය වැඩි කරන්න කියලා ජනපතිට නියෝග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයටවත් බලයක් නෑ. ජනාධිපතිතුමන්ගේ අභිමතයට එරෙහිව ගිහිල්ලා ඇමතිධූර වැඩි කර ගත හැකියි කියලා එජාප නායකයෝ සිතාගෙන සිටිනවා නම් ඔවුන් දවල් හීන දැකීමක් පමණයි කරන්නේ කියන එක අපි ඔවුන්ට සිහිපත් කරණවා.
– අරවින්ද අතුකෝරල
රට බෙදන්න මැතිසබේදී චන්දය දෙන අයට අවුරුදු තෑගි බෙදන්න දෙමළ ඩයස්පෝරාව සමග එජාප සුදානම්ලු
රට බෙදන ව්‍යවස්ථාවකට සහාය දෙන දේශද්‍රෝහීන් සියලුදෙනා රජ කාලයේ මෙන් උල තැබිය යුතුය.
රට බෙදන්න සහයෝගය දෙන කාටවත් ආයෙත් ගමේ මිනිහාගේ ඡන්දය නම් ලැබෙන්නේ නැහැ…