ඇමති අකිල විරාජ් මවුවරුන්ගේ සාරිය ගලවයි..
September 23, 2016 at 12:00 pm | lanka C news
පාසැල් දරැවන්ගේ මවුවරැන් පාසල් ඇතුළට එනවිට සාරි ඇඳීම අනිවාර්ය කරමින් විදුහල්පතිවරයැන් විසින් පනවා ඇති නීති ඉවත් කරන්නැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් නියෝග කර ඇත.
අදාල බලධාරීන් දැනුවන් කරමින් ඒ සම්බන්ධ චක්‍රලේකය නිකුත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බවද ඇමතිවරයා කියයි.
නව තීරණය ගැන අදහස් පල කරමින් ඇමතිවරයා පවසන්නේ රැකියාවල නිරතවන කාන්තාවන්ට එම රැකියා ස්ථානවලට අනන්‍ය වූ ඇඳුම් ඇති නිසා සාරිය පමණක් නොඅඳින බැවින් දරැවාගේ පාසලට පැමිණීමේදී විධිමත් ඇඳුමකින් යුතුව පැමිණීම ප්‍රමාණවත් බවයි.