ඇමති අකිල විරාජ් යතුරු පැදියෙන් පාර්ලිමේන්තුවට.. මාර්ග නීති කඩා පාර්ලිමේන්තු වාර්තාවකුත් තියයි..

October 10, 2018 at 11:20 am | lanka C news
ඇමති අකිල විරාජ් යතුරු පැදියෙන් පාර්ලිමේන්තුවට.. මාර්ග නීති කඩා පාර්ලිමේන්තු වාර්තාවකුත් තියයි..

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ දිනයේ පාර්ලිමේන්තු සැසියට සහභාගී වූයේ යතුරුපැදියක පිටුපස නැගීගෙනය.

ඔහු පාර්ලිමේන්තුවේ දී ද කියා සිටියේ රාජගිරියේදී දැඩි වාහන තදබදයකට අසුවූ තමන් මාර්ගයේ ගිය යතුරුපැදියක් නවතා එහි නැගී පාර්ලිමේන්තුවට පැමිණි බවයි.

ඇමැතිවරයා යතුරුපැදියේ හෙල්මටයක්ද නොපැලද ගමන් කරන ඡායාරූප මේ වන විට සමාජ ජාලයන් හුවමාරු වෙයි.

ඒ අනුව ඇමැති අකිල විරාජ් යතුරුපැදියක හෙල්මට් නැතිව ගමන් කරමින් මාර්ග නීති උල්ලංඝනය කර ඇති අතර පාර්ලිමේන්තුවට යතුරුපැදියකින් හෙල්මටයක් නොමැතිව පැමිණි පළමු ඇමැතිවරයා ලෙසද ඉතිහාසයට එක් වෙයි.

260 views
Main News