ඇමති අර්ජුන වරායේ මසාජ් ක්ලිනික් වර්ෂ පූර්ණය සමරයි…

February 9, 2017 at 7:05 am | lanka C news
ඇමති අර්ජුන වරායේ මසාජ් ක්ලිනික් වර්ෂ පූර්ණය සමරයි…

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආයූර්වේද මධ්‍යස්ථානයේ වර්ෂ පූර්ණ සැමරීමේ උත්සවය අද දින කොළඹ වරාය පරිශ්‍රයේදී පැවැත්විණි.ඒ වරාය සහ නාවික අමත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍ර‍ධානත්වයෙනි. මේ උත්සවය සඳහා වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටගම, වරාය අධිකාරියේ සභාපති ධම්මික රණතුංග, වරාය සහ නාවික කටයුතු අමත්‍යංශයේ ලේකම් එල්.පී ජයම්පති ඇතුළු අමුත්තන් රැසක් සහභාගී විය.

අමතමින් ඇමති අර්ජුන රණතුංග මෙසේ අදහස් පල කලේය.

“මම ඉතාමත් සන්තෝෂ වෙනවා විශේෂයෙන්ම මෙම ආයූර්වේද මධ්‍යස්ථානය විවෘත කරලා වසරක් ගතවන මෙම මොහොතේදී. පසුගිය වසර දෙස ආපසු හැරී බලන විට මෙම වරාය සේවකයින් ආයූර්වේද මධ්‍යස්ථානයෙන් කොතරම් සේවාවක් ලබා ගත්තද කියලා දැනගත්තාම වැඩියෙන්ම සතුටුවෙන පුද්ගලයා මමයි. මෙම ආයතනය අපි ආරම්භ කරන්න හදන විට මට විශාල වශයෙන් දෝශාරෝපන එල්ල වුණා. මෙම ආයතනයට කිව්වා මසාජ් ක්ලිනික් එකක් කියලා. වෘත්තීය සමිති නායකයන් කියන පුද්ගලයින් එවැනි දෙයක් කියන්න හේතුව මම තවමත් හිතනවා. ඒ අය ගොඩක් වෙලාවට ජීවිතයේ යන්නේ ඒ වගේ තැන් වලට. වාසනාවකට මම මේ වගේ තැන් වලට ගිහින් නැති නිසා මම ක්‍රීඩා කරන කාලයේ ඉදලා ආයූර්වේද වෙ‍දකම ගැන දන්නවා. විශේෂයෙන්ම අපි සෙල්ලම් කරන වෙලාවට ඇගිල්ලක් කැඩුනාම, ඇගිල්ලක් උලුක් වුණාම අපේ තාත්තා එක්ක ගියේ ගම්පහ තිබුණු ආයූර්වේද වෙදමහත්තයෙක් ලඟටයි. තෙල් ටිකක් ගාලා පත්තුවක් බැදලා දවසක් දෙකක් යනකොට ඊළඟ තරඟයට සෙල්ලම් කරන්න ලෑස්ති කරලා දෙනවා. මෙවැනි ක්‍රමවේදයක් සමඟ හැදුණු කෙනෙක් ලෙස ඒ වගේම ආයූර්වේද වෙදකම ගැන දැණුමක් නැති වුණාට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා මේ රටට ඉංග්‍රීසි වෙදකම එන්න ඉස්සෙල්ලා මේ රටේ මිනිසුන් ජීවත් වුනේ මේ වෙදකම නිසයි.

අද වෙනකොට ලෝකයේ රටවල මෙම ආයූර්වේද වෙදකම පිළිබඳ විශාල ගෞරවයක් සහ උනන්දුවක් ඇති කරලා තිබෙනවා. පිටරට වලින් මේ රටට එන ගොඩක් විදේශීකයින් පළමුවෙන්ම අන්තර්ජාලයට ගිහින් බලන්නේ ආයූර්වේද ක්‍රමයක්, ආයූර්වේද මධ්‍යස්ථානයක් තියෙනවා ද කියලා. අපිට අපේ දේවල් වටින්නේ නැති වුණාට පිට රට අය මේ ගැන අධ්‍යයනය කරලා ඒ අයට මේ දේවල් වල වටිනාකම ගැන දැණුවත්. අපි ශ්‍රී ලාංකිකයින් ලෙස කණගාටු විය යුතුයි අපිට මේ දේවල් ගැන දැණුමක් නැතිවීම සම්බන්ධයෙන්. අද කාරණා දෙකක් සම්බන්ධයෙන් අපි කතා කළ යුතුයි. එකක් තමයි මෙම ආයූර්වේද මධ්‍යස්ථානයේ 2000කට ආසන්න වරාය අධිකාරියේ සේවකයින් පිරිසක් බෙහෙත් අරන් තිබෙනවා.

මම අමාත්‍යවරයා ලෙස පත්වී වසර දෙකකට පස්සේ අපි සෑම විටම බැලුවේ මෙම සේවකයින්ට මොනවගේ දේවල් ලබාදෙන්න ඕනෙද කියලා. එවැනි දේවල් ලබාදීමේදී මුදලටම යට නොවුණු වටිනාකමක් තිබෙන දේවල් ලබාදීමයි අපේ අරමුණු වුණේ. මට මතකයි මම මේ අමත්‍යංශය භාරගෙන වරාය ඇතුළේ යනවිට තිබුණු තත්ත්වය. විශේෂයෙන්ම සේවකයින් මුණගැසුනාම මම ඇසුව දෙයක් තමයි මේ ගොඩක් දෙනෙකුට විශේෂයෙන්ම ක්‍රෙන් ක්‍රියාකරවන අයට බෙල්ලේ, අතේ අමාරු තියෙනවා. ඒ වගේම විශාල වශයෙන් මහන්සිවෙන සේවකයින්ට තිබෙන ලෙඩ ගැන දැක්කාම මම හිතුවා ජනාධිපති පදවි ප්‍රාප්තියට වසරක් සපිරෙන වෙලාවේ මෙවැනි ස්ථානයක් ආරම්භ කරන එක හොඳයි කියලා. එහි සාර්ථක ප්‍රතිඵල අපිට අද ලබාගන්න හැකි වී තිබෙනවා. මම අමත්‍යවරයා ලෙස පමණක් නොව විශේෂයෙන්ම අමාත්‍යංශයක් ලෙසත්, වරාය අධිකාරියත් අපි සියලු දෙනාම සන්තෝෂ වෙනවා, ආඩම්භර වෙනවා. අනෙක් එක තමයි මේ හරිත සංකල්පය. ඇයි මේ හරිත සංකල්පයක් ගැන මුලු ලෝකයම කතා කරන්නේ. අද ජීවත්වෙන අපි හෙට ගැන සිතනවාද කියන එක අපිට තිබෙන ලොකුම ප්‍රශ්නයක්.

අපි පසුගිය වසර වල ජීවත් වුණේ අද ලැබෙන දෙයින් කාලා, බීලා විනෝද වෙලා හෙට ගැන සිතන්නේ නැතිවයි. නමුත් ජනාධිපතිතුමන් මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්වුණාට පසුව මූලික වශයෙන් එතුමන්ට අවශ්‍ය වෙලා තිබුණා හරිත රටක්, හරිත නගරයක් ගොඩනගන්නට. ඒවැන් දේ ක්‍රියාත්මක වන අවස්ථාවකදී අපිත් සිතුවා විශේෂයෙන්ම මේ වරායත් හරිත වරායක් ලෙස කොහොමද ලෝකයට පෙන්වන්නේ කියලා. විශේෂයෙන්ම ලෝකයම දූෂණයට ලක්වෙලා තිබෙන කාලයේ අපිට පෙනෙනවා ගංවතුර, නියඟ එවනා, අයිස් කදු කඩාගෙන වැටෙනවා. උල්කාපාත වල ප්‍රශ්න එනවා. මේ සියල්ලම දෙස බැලුවාම මේ ලෝකයේ ජීවත්වන අපේ තිබෙන ආත්මාර්ථකාමීත්වය නිසා ඉදිරියට මේ ලෝකේ භාරගන්න ඉන්න දරුවන් වෙනුවෙන් අපි යමක් හිතන්න ඕනේ කාලයක් ඇවිත් තිබෙන්නේ. එයට අපේ ගරු ජනාධිපතිතුමන් නායකත්වය දෙනකොට විශේෂයෙන්ම අමත්‍යවරයෙක් ලෙස මම සිතුවේ අපි කුමන ආකාරයටද මේ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා. එහාපැත්ත හැරිලා බලනකොට ක්‍රේන් වලින් යටවුණු, වාහන වලින් පිරුණු ආයතනයක් ලෙස මෙම වරාය දැක්කාම කුමන් ආකාරයටද අපි මේ පරිසරය රැකගන්න ඕනේ කියන එක පිළබඳ ක්‍රමවේදයක් අපි හිතට ගන්න ඕනේ. ඒ සඳහා විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම්තුමත්, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමත් අපි සියලු දෙනාම සාකච්ඡා කරන ගමන් වරාය අධිකාරියේ සභාපතිතුමන් සහ කළමනාකරන අධ්‍යක්ෂක තුමන් ඇතුලු සියලු දෙනාම ඒ ගැන අවධානය යොමු කර අවශ්‍ය කටයුතු වලට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. අපි පසුගිය කාළෙ බැලුවේ අපි කරන දෙයින් අපිට අද මොනවද ලැබෙන්නේ කියලා අපිට හෙට සිදුවෙන දෙයක් ගැන අපි කවදාවත් සිතුවේ නැහැ. අන්න ඒ ක්‍රමවේදය තමයි අපි මේ වෙනස් කරන්න හදන්නේ. හැමදාම බැලුවේ මුදලක් හම්බකරගන්න. ලාභයක් ලබා ගන්නයි. ආයතනය ගැන සිතන්නේ සුලු පිරිසක් පමණයි’

– තමීර මංජු

28 views

3 Comments to “ඇමති අර්ජුන වරායේ මසාජ් ක්ලිනික් වර්ෂ පූර්ණය සමරයි…”

  1. බන්ඩයියා says:

    වරාය විතරක් නෙවෙය් අර්ජුනයෝ අද මුලු රටම සව්භාග්‍යයෙන් පිරී ඉතිරිලා මිනිස්සු සම්බාහන කොරගන්න බලන් ඉන්නෙ.

  2. Asela says:

    ඔව් ඔව් ඔය වගේ තැන්වල කොහමටත් තෙල් ටිකක් ගාලා උලුක්කුව අරිනවා. විදේශිකයන් උලුක්කුව අරින්න තායිලන්තයට යනකොට හොයන්නේ බාර් ගර්ලසා ඉන්න තැන්, ඇමෙරිකාවට යනකොට හොයන්නේ එස්කොට් ගර්ල්ස්ලා ඉන්න තැන්. කැනඩාවෙනම් කෝල් ගර්ල්සලා, ඔස්ට්‍රේලියාවෙනම් හුකර්ස්ලා, ලංකාවෙනම් අයුර්වේදික් මසාජ් පොට්. එල එල ජයවේවා. ලෝකේ ලොකුම නත්තල් පොල්ල හදාපු අරුජුඋත රමනසින්ඝ ට ජයවේවා!

  3. Andrew Cullen says:

    ha ha i love තමීර මංජු, he is doing his job at least

Main News