ඇමති එස්.එම්. පොහොට්ටුවේ දැලි ගෑම පිලිගනී.. ඡන්දෙට වැඩකල කෘෂිකර්ම නිලධාරීට AC කාමරයක්දෙ න බව කියයි..

February 29, 2020 at 11:20 am | lanka C news
ඇමති එස්.එම්. පොහොට්ටුවේ දැලි ගෑම පිලිගනී.. ඡන්දෙට වැඩකල කෘෂිකර්ම නිලධාරීට AC කාමරයක්දෙ න බව කියයි..

කෘෂිකර්ම පර්යේෂණ හා කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ නිවාස වල එක කාමරයක් නොමිලේ වායුසමීකරණ යන්ත්‍ර සවිකර දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී ඇමැති චන්ද්‍රසේන මහතාගේ කාර්යාලය දී පවත්වා ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය සඳහා සහයෝගය දීම වෙනුවෙන් මෙම කටයුත්ත සිදු කර දෙන බව ඇමතිවරයා විසින් එම නිලධාරීන් වෙත යවන ලද ලිපිවල සඳහන් වේ.

ඒ අනුව අනුරාධපුර මාතලේ හන්දිය ප්‍රදේශයේ පිහිටි ඇමතිවරයාගේ කාර්යාලයේදීය මෙම සාකච්චාව ඊයේ දිනයේ පැවැත්වී තිබේ.

කෙසේ වෙතත් ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා මේ සම්බන්ධයෙන් කියා සිටියේ සෝලා විදුලි ව්‍යාපෘතියක් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට එම නිලධාරීන් උනන්දු කරවීමේ අරමුණෙන් ඔවුනගේ නිල කාර්යාල වායුසමනය කරදීමට මෙම සාකච්ඡාව පැවැත්වූ බවයි.

0 views

5 Comments to “ඇමති එස්.එම්. පොහොට්ටුවේ දැලි ගෑම පිලිගනී.. ඡන්දෙට වැඩකල කෘෂිකර්ම නිලධාරීට AC කාමරයක්දෙ න බව කියයි..”

  1. AWAMANGALA says:

    muu pissek.. labana chanden apath nathi karala danna one. nu wage aya deshapalaneta sudusuma naha.

  2. Kgs basnayake says:

    I think he is going to destroy gota government.
    First the sand permits and now another issue. he should be thoroughly advised if not able to control his foolish behaviours he should be removed immediately.

  3. ගරසරප says:

    මේවගේ ග්‍රහයො කීප දෙනෙක් නිසා මහින්දගෙ ආන්ඩුවත් ගිය ආන්ඩුවත් ගහල ගියා.

  4. හික් හිහි හි හි says:

    මේක පහුගිය ආණ්ඩු කාලේ ඇමැති වරයෙක් කලානම් මෙහෙම ද වාර්තා කරන්නේ
    මේ ප්‍රවෘත්තිය හිරු , දෙරනේ ගියාද

  5. Love nature says:

    අවුරුදු දෙදහස් පන්සීයක් දැන් වයසයි මට මගෙ දූ පුතුනේ
    ලේකිරි දුන්උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නෑ දෙතනේ
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගෙදේ කා මට විනකෙටුවෝ

Main News