ඇමති කිරිඇල්ලට කුණුහරුපෙන් බැණ, හූ කියා පන්නා දමති.. [Video]
January 4, 2017 at 8:40 am | lanka C news![ඇමති කිරිඇල්ලට කුණුහරුපෙන් බැණ, හූ කියා පන්නා දමති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/klljhj.jpg)
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකින් පසු ප්‍රදේශවාසීන් විසින් ඇමති ලක්ෂමන් කිරිඇල්ලට එරෙහිව කුණුහරුපයෙන් බනිමින් හූ කියමින් වාහනය අවහිර කරමින් විරෝධතා දැක්වූහ.
මෙම පිරිස් විරෝධයේ යෙදුනේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අහිමිවන තම නිවාස, වතුපිටි සදහා සාදාරණ වන්දි මුදලක් ලබා නොදුන් බව කියමිනි.
ඇමතිවරයාට පිටත්ව යාමට ඉඩ නොදී මග හරස් කර සිටි ජනතාව පොලීසිය මැදිහත් වී ඉවත් කරනු ලැබීමෙන් පසු ඇමතිවරයා පිටත්ව ගියේය.