ඇමති චම්පිකගේ සජීවී බේගලයක් පත්තු වෙයි..
June 21, 2018 at 12:02 am | lanka C news
‘හිරු’ ටීවී නාළිකාව මඟින් විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට සහභාගී වූ ඇමැති චම්පික රණවක පහත සඳහන් ප්‍රකාශය කළේය.
“මවිසින් ටිරාන් අලස් මහත්තයා සම්බන්ධයෙන් සහ රාඩා ආයතනය කොටි සංවිධානයට ලබාදීපු අරමුදල් සම්බන්ධයෙන් ඒ වෙනකොට ඔහු තමයි රාඩා ආයතනයේ ප්‍රධානියා හැටියට කටයුතු කළේ. මවිසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහු මට නඩුවක් පැවරුවා. ඉතින් උසාවියේදී සිද්ධ වෙච්ච දේ ඔහුගේ නඩුව ඔහු විසින්ම ඉවත් කර ගත්තා. මගේ නඩුව මම ඉවත්කර ගත්තා.”
සිදුවූයේ, පාඨලී චම්පික රණවක ඇමැතිවරයා විසින් කරුණු දෙකක් යටතේ “මව්බිම” පුවත්පතට එරෙහිව නඩු පැවරීමයි. එම කරුණු දෙක නම්, 2016 වසරේ ජූලි මස 15 වැනි දින ‘මව්බිම’ දිනපතා පුවත්පතේ මුල්පිටුවේ පළවූ “කෝටි 180 ගල්අඟුරු වංචාවට ජනතා විමුක්ති පෙරමුණ චම්පික නම් කරයි” යන සිරස්තලය සහිත ප්‍රවෘත්තිය සහ එක්නැලිගොඩ මාධ්‍යවේදියා ඝාතනය කළ; මෑතකදී ගල්ලෙන බිඳින ලද යහපාලකයා කවුද? යන දැන්වීමයි.
එම නඩු දෙකට ප්රතිවිරුද්ධව ‘මව්බිම’ පුවත්පත විසින්ද පාඨලී චම්පික රණවක ඇමැතිවරයාට විරුද්ධව නඩුවක් පවරන ලදී.
එහි අරමුණ වූයේ ‘මව්බිම’ට එරෙහිව පැවරූ නඩුවලට ගොනුකර තිබූ චෝදනා සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක ඇමැතිවරයාව අධිකරණයේදී දීර්ඝ වශයෙන් හරස් ප්‍රශ්නවලට ලක් කිරීමය.
නමුත් සිදුවූයේ අමාත්‍යවරයාගේ නීතිඥවරුන්, අධිකරණයේදී අදාළ නඩු දෙක ඉල්ලා අස්කර ගැනීමයි.
ඒ හේතුව නිසා අදාළ නඩු දෙකට එරෙහිව ‘මව්බිම’ පුවත්පත විසින් ගොනුකර තිබූ නඩුවද ඉවත්කර ගැනිණි.
පාඨලී චම්පික රණවක ඇමැතිවරයා රාඩා ආයතනය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් සම්බන්ධව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා කිසිම දිනක ඇමැතිවරයාට එරෙහිව නඩුවක් ගොනුකර නැති අතර ගොනුකළ නඩුවක් ඉල්ලා අස්කර ගෙනද නැත.
රජයේ වගකිවයුතු ඇමැතිවරයෙක් රූපවාහිනි නාළිකාවක දේශපාලන වැඩසටහනකට පැමිණ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැවීම ගැන ජාතික පුවත්පතක් වශයෙන් ‘මව්බිම’ කනගාටුව පළ කරයි.
– mawbima
මේ ඉන්නේ බටහිර ගැති සුරතලෙකි….ගොඩනැගිලි පෙන්වා රට සුද්දාට යටත්කරන ගොබිලෙකි. කෝ මේකා මුලදී කියපු ගොවි ආර්ථිකය…
haha..